×

ට්‍රම්ප් හිටපු නීතීඥ මයිකල් කොහෙන්ගෙන් ඩොලර් මිලියන 500ක් ඉල්ලා නඩු පවරයි

ට්‍රම්ප් විසින් පනවන ලද නඩුව පිළිබඳව කොහෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, ට්‍රම්ප් මහතා නැවත වරක් මයිකල් කොහෙන්ට එරෙහිව හිරිහැර කිරීම සහ බිය ගැන්වීමේ ආකාරයක් ලෙස අධිකරණ පද්ධතිය භාවිතා කරන බවයි.


හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුගේ හිටපු නීතිඥය මයිකල් කොහෙන්ගෙන්ගෙන්කොන්ත්‍රාත්තු කඩ කළ බවට චෝදනා කරමින් ඩොලර් මිලියන 500ක් ඉල්ලා නඩු පවරා ඇති බව වාර්තා වේ.

පසුගිය අප්‍රේල් මස 4වන දා ෆ්ලොරිඩා ෆෙඩරල් උසාවියක ගොනු කරන ලද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි මෑන්මෑන්හැටන් නඩු විභාගයේදී මයිකල් කොහෙන් විසින් ට්‍රම්ප්ට එරෙහිව ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ ව්‍යාපාරය පිළිබඳව නුසුදුසු, ස්වයං-සේවා සහ ද්වේෂසහගත ප්‍රකාශයන් නිකුත් කිරීමේ චෝදනාව මත මෙලෙස නඩු පවරා ඇත.

2016 මැතිවරණයෙන් පසු දෙදෙනා අතර විශාල ගැටුමක් ඇති වූ අතර 2018 වසරේදී කොහෙන් විසින් වංචා කිරීම් හා මූල්‍ය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසු වසර තුනක සිර දඬුවමක් සහ දඩයක් නියම විය. මේ වන විට සිරෙන් නිදහස්ව ඇති කොහෙන් ට්‍රම්ප් මහතාගේ ඉහළ පෙළේ විවේචකයෙකු බවට පත්ව තිබේ. කොහෙන් විසින් 2020 වසරේදී ලියන ලද ඩිස්ලෝයල් නම් කෘතියේ ඔහු ට්‍රම්ප්ව හඳුන්වා ඇත්තේ ජාතිවාදියකු වශයෙනි.

ට්‍රම්ප් විසින් පනවන ලද නඩුව පිළිබඳව කොහෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, ට්‍රම්ප් මහතා නැවත වරක් මයිකල් කොහෙන්ට එරෙහිව හිරිහැර කිරීම සහ බිය ගැන්වීමේ ආකාරයක් ලෙස අධිකරණ පද්ධතිය භාවිතා කරන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි