×

අති දුර්ලභ රෝස දියමන්තියක් ඩොලර් මිලියන 50 යි!

කැරට් 50 ක අතිශය දුර්ලභ ගණයේ රෝස දියමන්තියක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ක්‍රිස්ටීස් සමාගම විසින් වෙන්දේසි කෙරිණි.


එය වෙන්දේසි වූ වාර්තාගත මුදල ඩොලර් මිලියන 50 කි. ඒ අනුව එහි කැරට් එකක මිල ඩොලර් 2. 6ක් ලෙස ලෝක වාර්තා පොත්වලට එක් විය. Ultra-rare ‘Pink Legacy’ diamond fetches record $50 million

මෙම දියමන්තියේ නම ‘Pink Legacy’ වේ.

© AFP / Fabrice Coffrini

© AFP / Fabrice Coffrini

ක්‍රිස්ටීස් සමාගමේ යුරෝපා කළමනාකාරු, මෙම දියමන්තිය හඳුන්වා දුන්නේ ‘දියමන්තිවල ලියනාඩෝ ඩාවින්චි‘ යනුවෙනි.

© AFP / Fabrice Coffrini

© AFP / Fabrice Coffrini

ස්විට්සර්ලන්තයේ හැරී වින්ස්ටන් සුපිරි ආභරණ ජාලය විසින් වෙන්දේසි කෙරුණු එය, මීට පෙර ‘The Winston Pink Legacy’ නමැති දුර්ලභ ආභරණ එකතුවේ එක් සාමාජිකයෙකි. කෙසේ නමුත් එහි පෙර හිමිකරු හෝ එය මිලදී ගත්තේ කවුදැයි නම හෙළි නොකිරීමට ද සමාගම පරිස්සම් විය. මෙයට සත් වසරකට පෙර මෙම දියමන්තියේ හිමිකරු බටව පත්ව සිටියේ පරම්පරා 3 ක් දියමන්ති කැණීමේ යෙදී සිටින සුප්‍රසිද්ධ ඕපන්හෙයිම් පවුල වෙත ය.

© AFP / Fabrice Coffrini

© AFP / Fabrice Coffrini

වර්ණ තීව්‍රතාවය අතින් මෙය අයිති වූයේ ‘Fancy Vivid නමැති අතිශය දුර්ලභ කාණ්ඩයට ය. එය වර්ණ තීව්‍රතාවය අධිකතම කාණ්ඩයයි. ලෝකයේ මේ වර්ණ තීව්‍රතාවය ලබාගැනීමට සමත්වන්නේ දියමන්ති 1000 කින් 1 ක් පමණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි