×

එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයකින් කටයිබ් හිස්බුල්ලා නායකයෙකු මිය යයි

ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබුණේ, මෙය ආරම්භයක් පමණක් වන බවයි.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 08,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් ඉරානයේ පිටුබලය ලබන මිලීෂියාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන කටයිබ් හිස්බුල්ලා නායකයෙකු වන අබු බකීර් අල්-සාදි බැග්ඩෑඩ්හිදී මියගොස් ඇති බව වාර්තා වේ.

ඉරාක අගනුවරට නැගෙනහිරින් එය ඉලක්ක කරන විට කටයිබ් හිස්බුල්ලා නායකයා සහ ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකු වාහනයක සිට ඇති අතර ඔවුන් තිදෙනාම මියගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් පෙන්ටගනය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, පසුගිය ජනවාරි 28 වැනිදා ජෝර්දානයේ කඳවුරකදී ඇමරිකානු හමුදා වෙත එල්ල වූ මාරාන්තික ඩ්‍රෝන් ප්‍රහාරය මෙහෙයවන ලද ඉරානයේ පිටුබලය ලබන මිලීෂියාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියා මියගිය බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබුණේ, මෙය ආරම්භයක් පමණක් වන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි