×

යුක්රේනය, ඊශ්‍රායලය හා තායිවානය සඳහා බිලියන ගණනක් වටිනා ආධාර පැකේජයක් එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කරයි

කෙසේ නමුත් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ප්‍රකාශ කර තිබුණේ, නව එක්සත් ජනපද ව්‍යවස්ථාව ලෝකය පුරා අර්බුදය ගැඹුරු කරනු ඇති බවයි.


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 21,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනය, ඊශ්‍රායලය සහ තායිවානය වෙත ආරක්ෂක ආධාර සපයන ඩොලර් බිලියන 95 ක ව්‍යවස්ථාදායක පැකේජයක් පුළුල් ද්විපාර්ශ්වික සහාය ඇතිව එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කර ඇති බව වාර්තා වේ.

මෙම ආධාර පැකේජය මඟින් එක්සත් ජනපද ආයුධ, තොග සහ පහසුකම් නැවත පිරවීම සඳහා ඩොලර් බිලියන 23ක් ඇතුළුව, යුක්රේනයේ ගැටුම විසඳීම සඳහා ඩොලර් බිලියන 61ක් පමණ සපයණු ඇති අතර ඊශ්‍රයලයට මානුෂීය අවශ්‍යතා සඳහා ඩොලර් බිලියන 9ක් ඇතුළුව ඩොලර් බිලියන 26ක් මෙන්ම තායිවානය ඇතුළු ආසියා පැසිෆික් කලාපය සඳහා ඩොලර් බිලියන 8ක් මෙමඟින් සැපයේ.

යුක්රේනය වෙනුවෙන් අනුමත වූ ආධාර පැකේජය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, අද සභාව විසින් සම්මත කරන ලද අත්‍යවශ්‍ය එක්සත් ජනපද ආධාර පනත යුද්ධය ව්‍යාප්ත වීම වළක්වනු ඇති බවත්, දහස් ගණනක් ජීවිත බේරා ගනු ඇති බවත්ය.

කෙසේ නමුත් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ප්‍රකාශ කර තිබුණේ, නව එක්සත් ජනපද ව්‍යවස්ථාව ලෝකය පුරා අර්බුදය ගැඹුරු කරනු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි