×

ඊශ්‍රායල-ගාසා යුද්ධය කලාපීය ගැටුමක් දක්වා පැතිර නොයෑම සහතික කිරීමට බ්ලින්කන් මැදපෙරදිග සංචාරයේ

මෙම තත්වය පුළුල් යුද්ධයක අද්දර මැද පෙරදිග ඇදී යාමක සේයාවක් දක්නට ලැබිණි.


සටහන – සශිකලා මධුෂාණි ජනවාරි 09,


ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායල-ගාසා යුද්ධය කලාපීය ගැටුමක් දක්වා පැතිර නොයෑම සහතික කර ගැනීම සඳහා මැදපෙරදිග රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙය එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා මාස තුනක් ඇතුලත මැද පෙරදිග බලා යන සිවුවන අවස්ථාවයි.

ඔක්තෝම්බර් 7 වෙනිදා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට හමාස් බලකායක් ගොඩනැගූ ආකාරය සම්බන්ධයෙන් හිස්බුල්ලා මත බලපෑම් ඇති කලාපීය බලවතුන් වන ඉරානය හා තුර්කිය සමඟ සාකච්ජා කළ එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර තිබුණේ, වැඩෙන අස්ථාවරත්වය විසඳීමට එක්සත් ජනපදයට සැලැස්මක් ඇති බවත්, එය ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ව්‍යාපාරය අවසන් කිරීම සහ පලස්තීනුවන් සඳහා කල්පවත්නා සාමයක් ඇති කිරීම සඳහා අරාබි ජාතීන් සහ ඊශ්‍රායලිකයන් සමඟ කටයුතු කිරීම මත රඳා පවතින බවයි.

මිට අමතරව කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් වන කරුණු කිහිපයක් පිළිබඳවද සාකච්ජා වූ අතර යේමනයේ හූති කැරලිකරුවන් රතු මුහුදේ සිවිල් නැව් ගමනාගමනයට නැවත නැවතත් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර දියත් කිරීම හේතුවෙන් ප්‍රධාන ජාත්‍යන්තර ජල මාර්ගය හරහා ගමනාගමනය බොහෝ දුරට නතර වීම හේතුවෙන් පසුගිය දා එක්සත් ජනපදය අනතුරු අඟවා තිබුණේ, කැරලිකරුවන් දිගටම පැවතුනහොත් සහ ගෝලීය වාණිජ්‍යයට බාධාව දිගටම පැවතුනහොත්, ඇමරිකානු මිලිටරි ප්‍රතිචාරයක් නොවැළැක්විය හැකි වන බවයි.

කටාර් අගමැති ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි මේ සම්බන්ධයෙන් බ්ලින්කන් මහතා සමඟ දෝහාහිදී ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ, අපි කිසි විටෙකත් මිලිටරි ක්‍රියාමාර්ගයක් යෝජනාවක් ලෙස නොදකි බවත්, මෙම තත්වය මුළු කලාපයම සැබෑ ආතතියක් ඇති කරනු ඇති බවත්ය.

මේ අතර, ඉරාකයේ සහ සිරියාවේ සටන්කාමීන්ගේ රොකට් සහ ඩ්‍රෝන් ප්‍රහාරවලින් එක්සත් ජනපද හමුදා සොල්දාදුවන් 3,000 පමණ සිටින ස්ථාන වලට පහර දීම ආදී ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව රාජ්‍ය ලේකම්වරයා ඒ ඒ රටවල ජනාධිපතිවරුන් සමඟ සාකච්ජා කළ අතර සමස්තයක් ලෙස ගත් විට, එය පුළුල් යුද්ධයක අද්දර මැද පෙරදිග ඇදී යාමක සේයාවක් දක්නට ලැබිණි.

කෙසේ නමුත්, ඊයේ(08)දිනයේදී සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු හමුවීමෙන් පසුව, බ්ලින්කන් මහතා කියා සිටියේ තමන් මෙතෙක් කතා කළ සියලුම නායකයින් අතර පශ්චාත් යුධ ගාසා තීරය ස්ථාවර කිරීමට සහ පුනර්ජීවනය කිරීමට උදව් කිරීමට කැමැත්තක් ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි