×

රෆා වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊශ්‍රයලය වෙත කරන ආයුධ සැපයුම නතර කරන බවට බයිඩන් අනතුරු අඟවයි

එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.


සටහන: සශිකලා මධුෂාණි,මැයි 09,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ; ඊශ්‍රයලය හිතුවක්කාරී ලෙස දකුණු ගාසා නගරය වන රෆා වෙත ප්‍රහාරයක් දියත් කළහොත්, එක්සත් ජනපදය ඊශ්‍රායලයට යුධ සැපයීම නතර කරන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව ඊයේ(08) පැවති මාධ්‍ය සාකච්ජාවකදී ප්‍රකාශකර තිබු අතර හමාස් සමූලඝාතනය කිරීම ඉලක්ක කරගත් මාස හතක ප්‍රහාරයේදී ඊශ්‍රායලයට සැපයූ එක්සත් ජනපද බෝම්බ ගාසා සිවිල් වැසියන් මරා දැමූ බව බයිඩන් පිළිගනු ලැබිය.

සඳුදා (06) ඊශ්‍රායල හමුදාව නැගෙනහිර රෆාහි 100,000ක ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස අනතුරු අඟවා තිබු අතර අහාර,ජලය,ඖශධ, නිවාස නැතිව රෆා හි සාගතයක් අද්දර සිටින වෙසෙන මිලියනයකට අධික ජනතාවට වෙන යා යුතු මගක් නොමැත.

බයිඩන්ගේ ප්‍රකාශය පිළිබඳව ඊශ්‍රායලයෙන් ක්ෂණික ප්‍රකාශයක් සිදු නොවූ නමුත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ රෆා මෙහෙයුම ඉදිරියට යන බවත්, හමාස් සටන්කාමීන් දහස් ගණනක් පරාජය කිරීමට රෆා නගරයට පහර දිය යුතු බවත්ය.

කෙසේ නමුත්, CIA අධ්‍යක්ෂ විලියම් බර්න්ස් ඊශ්‍රායලයට ගොස් නෙතන්යාහු හමුවීමට නියමිත අතර 1,200 ක් පමණ මිය ගිය සහ තවත් 250 ක් පමණ පැහැරගෙන ගිය හමාස් ප්‍රහාරයෙන් පසුව Biden පරිපාලනය ඊශ්‍රායලයට සිය පූර්ණ සහයෝගය ලබා දීමෙන් පසු එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

හමාස් සංවිධානය විනාශ කිරීමට ඊශ්‍රායලයේ ව්‍යාපාරය මාස හතක හමුදා මෙහෙයුමකට තුඩු දී ඇති අතර එමඟින් පලස්තීනුවන් 34,789 ක් මිය ගොස් ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිවිල් වැසියන් බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය තගවුරු කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි