×

වියට්නාමය නව ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කෙරේ

පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ පොදු අරමුණ සඳහා කැප විය යුතු බවයි.


සටහන: සශිකලා මධුෂාණි,මැයි 18,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වියට්නාමයේ පාලක කොමියුනිස්ට් පක්ෂය රටේ මීළඟ ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කරන ටූ ලැම් නම් කර ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අද(18) දිනයේදී 66 හැවිරිදි ටූ ලැම් තෝරා ගෙන ඇති අතර ඔහු ඔහු රටේ මානව හිමිකම් ව්‍යාපාරය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටිමින් 2016 සිට මහජන ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කර ඇත.

ඔහුගේ පූර්වගාමියා වන හිටපු ජනාධිපති Vo Van Thuong දුෂණ චෝදනා හේතුවෙන් මිට මාස හයකට පෙර ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ පොදු අරමුණ සඳහා කැප විය යුතු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි