×

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් රෝහල්ගත කිරීම ධවල මන්දිරය වසන් කරයි

ඔස්ටින් මහතා න්‍යෂ්ටික අණ දීමේ දාමය ඇතුළුව, ජනාධිපතිවරයා සහ නිල ඇඳුමින් සැරසුණු හමුදාව අතර අණ දීමේ දාමයේ ප්‍රධාන සම්බන්ධිකාරකවරයා වන අතර ඉතාමත් බරපතල තීරණ ක්ෂණයකින් ගතයුතු වේ.


සටහන – සශිකලා මධුෂාණි ජනවාරි 07,

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජනාධිපති ජෝ බයිඩන්ගේ විශ්වාසවන්තම සගයකු වන එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් රෝහල් ගත කර ඇති බව ධවල මන්දිරය දින ගණනක් තිස්සේ වසන් කර ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආවරණය කරන මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් පෙන්ටගනයේ පුවත්පත් සංගමය විනිවිදභාවයක් නොමැතිකම සම්බන්ධයෙන් විවේචනය කර තිබිණි.

70 හැවිරිදි ඔස්ටින් මහතා ශල්‍යකර්මයෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් පසුගිය ජනවාරි පළමුවැණි දින වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබේ. විශ්‍රාමික ජෙනරාල්වරයෙකු වන ඔස්ටින් මහතා න්‍යෂ්ටික අණ දීමේ දාමය ඇතුළුව, ජනාධිපතිවරයා සහ නිල ඇඳුමින් සැරසුණු හමුදාව අතර අණ දීමේ දාමයේ ප්‍රධාන සම්බන්ධිකාරකවරයා වන අතර ඉතාමත් බරපතල තීරණ ක්ෂණයකින් ගතයුතු වේ.

මේ සම්බන්ධයෙන් කනස්සල්ල ප්‍රකාශ අකරමින් රිපබ්ලිකන් සෙන් සභිකයන් රොජර් විකර් සඳහන් කර තිබුණේ, ආරක්ෂක දෙපාර්තමේන්තුව හිතාමතාම ආරක්ෂක ලේකම්වරයාගේ සෞඛ්‍ය තත්ත්වය දින ගනනාවක් වසන්කර තිබීම අවධානම් බවයි.

සිය හදිසි රෝග තත්වය පිලිබඳ සන්නිවේදනය කිරීමේ දුර්වලතා ඔස්ටින් මහතා භාරගෙන ඇති අතර මහජනතාව නිසි ලෙස දැනුවත් කිරීම සහතික කිරීම සඳහා මිට වඩා හොඳ කාර්යයක් කළ හැකිව තිබූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි