×

කකුල් හතරේ හමුදා ලොක්කෝ

මනුෂ්‍යයින්ට අමතරව සතුන්ද ලෝකයේ විවිධ ආරක්ෂක හමුදා වල නිළතර දරා ඇති බවට සාක්ෂි එමටයි.


කකුල් දෙකේ හමුදා ලෝක්කෝ වගේම කකුල් හතරේ හමුදා ලෝක්කන්ද ලෝකයේ සිටිම ගැන සිතන්නට අපට සිතෙන අවස්ථා අඩුයි. නමුත් මනුෂ්‍යයින්ට අමතරව සතුන්ද ලෝකයේ විවිධ ආරක්ෂක හමුදා වල නිළතර දරා ඇති බවට සාක්ෂි එමටයි.

බ්‍රිතාන්‍ය හමුදාවේ රජකීයයන් වෙනුවෙන් වෙන් වුන රෝයල් වේල්ස් පාබල හමුදාවේ සාමාජික විලියම් බිලී පළවන වින්ඩ්සර් William Windsor යනු කාශ්මීර් වර්ගයේ එළුවෙක්. එළුවන්ට ලෝකයේ හිමි වී ඇති තැන එතරම් නොවුණත් මෙම රාජකීය හමුදාවට අයත් එළුවා ගේ නිළ තලය සැළකිය යුතු උසස් නිළතලයකි.

බෙහෝ විට හමුදා පෙළපාළි සහ සංදර්ශන වලදී දැක ගත හැකිවූ බිලී සමහර කකුල් දෙකේ නිළධාරීන් මෙන්ම නීතියට හා හමුදාවේ අණට විරුද්ධව ක්‍රයාකිරීම හේතුවෙන් 2006 දී සිය ධූරයෙන් පහත හෙලන්නට සිදු විය.

බ්‍රිතාන්‍යයේ මහරුජිනද සහභාගී වී උත්සව කටයුතු කිහිපයකදීම හමුදා නිළධාරීයෙක්ට නුසුදුසු අයුරිනි කටයුතු කිරීම ඔහුට විරුද්ධව තිබූ චෝදනාවයි. මහරුජින විසින් ඔහුව නිළයෙන් පහත හෙලීම සිදු කළද ඔහු රාජකීය පාබල හමුදාවට සමු දුන්නේ 2009 වසරේදීය . 2001 වසරේ සිට 2009 දක්වාම ඔහු හමුදා රාජකාරී වල යෙදු

 

ශ්‍රිමත් නිලිස් ඔලවු Brigadier Sir Nils Olav කියන්නේ ස්කොට්ලන්ත හමුදාවේ නයිට් පදවියක් හිමි වූ පෙන්ගුයින් කෙනෙක්. මේ පෙන්ගුයින් නයිටිවරයා ස්කොට්ලන්ත හමුදාවේ සුවිශේෂී නිළයක් දරන්නේක් පමණක් නොව හමුදා නිළධාරියෙක්ට ලැබෙන සියලු බලතල වරප්‍රසාද වලටද ඔහු හිමිකම් කියයයි.

එමෙන්ම සිය රාජකාරියද අවශ්‍ය ප`මාණයටත් වඩා හොදින් සිදු කරන මෙම පෙන්ගුයින් නුළධාරියා ආරක්ෂක භට පරීක්ෂාව ගැන ඇත්තේ ඉතා හොද දැනුමකි. එමෙන්ම පෙන්ගුයින් කෙනෙක් කෙතරම් බුද්ධිමත්දැයි කියා ලෝකයට ඔපුප් කිරීමට මේ ශ`ිමත් නීල්ස් උලවුට හැකි වී තිබේ. කිං පෙන්ගුයින් කෙනෙක් වන මේ ස්කොට්ලන්ත හමුදාවේ ඉහළ නිළධරයා ස්කොට්ලන්ත හමුදාවට පිරිනමන්නේ නොවේර්ජියානු ජතිකයන් පිරිසක් විසින් 1972 වසරේදීයි.

ලොව දෙවන විශාලතම පෙන්ගුයින් විර්ගය සෙ සැළකෙන කිං පෙන්ගුයින් වර්ගයේ මෙම හමුදා නිළධාරියාගෙන් පසු කිං පෙන්ගුයින් වර්ගයේ පෙන්ගුයින් කිහිප දෙනෙක්ම උසස් නිළ තල ලබා දී බදවාගන්නට ස්කොට්ලන්ත හමුදාව කටයු කරන ලදී. විලියම් බිලී පළවන වින්ඩ්සර් ගේ තැන නැවතත්ත් කාශ්මීර එළුවකුටම හිමිවිය ඒ දෙවන විලියම් වින්ඩ්සර් ය.

වොජ්ටෙක් Wojtek යනු සිරියානු වර්ගයේ දුඹුරු වලසෙකි. පෝලන්ත යුධ හමුදාවේ නොමැකෙන නමක් තැබූ වොජ්ටෙක් 1942දී සිට සිය සේවයේ යෙදෙන්නේ කාලතුවක්කු සැපයීම් අංශය සමගිනි. අනෙක් සෑම හමුදා සේවකයෙක්ට මෙන්ම ඔහුටද වැටුප් ගෙවීම් පතක්, වගේම තනතුරට අදාල සියලු අයිතිවාසිකම් හි බැමියි. සාමාන්‍ය හමුචා සෙබළෙක් ලෙස හමුදාවට බැදී කෝප්‍රල් වරයෙක් දක්වා නිළයෙන් ඉහළට ගිය වොජ්ටෙක්ගේ කාර්ය භාරය විශේෂයෙන් යුධ මෙහෙයුම් වලදී ඉතා විශිෂ්ඨ එකක් විය.

හුමුදා මෙහෙයුම් වලදී මෙන්ම පෝලන්ත හමුදාව මුහුණ දුන් මොන්ටි කැසිනෝ යුද්ධයේදී වොජ්ටෙක් ගේ සහය ලබා ගෙන ඇති අතර ඔහු එකදු උණ්ඩයක් හෝ බිම වැටෙන්නට නොදී රුගෙන යන්නට සමත් වූවෙකි.

ඔහු වෙනුවෙන් පෝලන්ත හමුදාවේ 22 නාවික සෙබළ අංශයේ ් ලාංඡනයද වොජ්ටෙක් සිහිවීම පිණිස නිර්මාණය කර ඇති අතර එහි දැක්වෙන්නේ ඔහු විසින් කාලතුවක්කු උණ්ඩයක් ඔසවාගෙන යන ආකාරයයි.

Edynburg, Wielka Brytania, 20.01.2016. Pomnik niedŸwiedzia Wojtka, s³ynnego kompana ¿o³nierzy II Korpusu Polskiego genera³a Andersa, 20 bm. w Edynburgu. (ls/awol) PAP/Leszek Szymañski



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි