චීනයේ සුප්‍රසිද්ධ අවන්හලක සුප් බඳුනක තිබී ගර්භණී කාන්තාවක් මී පැටවෙකු සොයා ගැනීමත් සමග එම අවන් හලට ඊට විශාල වන්දියක් ගෙවීමට සිදුවී ඇත.
චීනයේ සුප්‍රසිද්ධ අවන්හලක් වන ක්ෂියාබු ක්ෂියාබු ජනතාව අතර ප්‍රස්ද්ධව තිබුණේ ඉතා රසවත් ආහාර පාන සපයන අවන් හලක් ලෙසය. ඊට ආහාර ලැනීමට පැමිණි ගැබිණි කාන්තාවක් ඈ මිලදී ගත් සුප් බඳුනේ තිබී මී පැටියෙකුගේ මළ සිරුරක් ඡායාරූප ගත කර සමාජමාධ්‍ය ජාලා වෙත යොමු කර තිබිණි.
ඒත් සමග ක්ෂියාබු ක්ෂියාබු අවන්හලට කණ කොකා හඬන්නට පටන් ගත් අතර එහි සමහර ශාකා වසා දමන්නට සිදුව ඇත.
අදාළ කාන්තාවට ආයතනය විසින් වන්දි ලෙස ඩොලර් 729ක් ගෙවන ලදී. ඒ ඇගේ ස්වාමියා විසින් ඈට සම්පූර්ණ වෛද්‍ය පරීක්සණයක් කිරීම සඳහා වටිනාකම ඉල්ලීමත් සමගිනි.මන්ද කාන්තාව මී පැටවා හමුවන විටද ආහාරය රස විඳ තිබූ බැවිනි.
කෙසේ වුවත් මෙම පුවත චීනය පුරා ප්‍රචාරය වීමත් සමග එම අවන්හල් ජාලයම අති අසාර්ථක වෙමින් පවතී. මෙතෙක් වෙළඳ පළ තුළ ඉහළ වටිනාකමත් ලබා ගත් එය අද වන විට කොටි කලක් තුළ අහිමි කර ගත් වටිනාකම ඩෝලර් මිලියන 190 කි.