×

ඉදිරි සතියේ ලෝකය ඉදිරියේ ඇති වැදගත් සිදුවීම් 4ක්

අද සඳුදා අළුත් සතියක් ඉදිරි සතියේ රටේ තත්ත්වය දැන ගන්න එක පැත්තක තියලා ලෝකය කෙහෙට යනවද කියන එක බලා ගන්න එක හොඳයි නේද. කෙටියෙන් මීළඟ සතිය...


1- ආසියාවේ සමරිසි විවාහ

මොකද වෙන්නේ.
එළැඹෙන සෙනසුරාදාවේ තායිවානයේ ජනතාව සමරිසි විවාහ එරට අවශ්‍යදැයි කියා ඡන්දය ලබා දෙන්නට සූදානමින්… ලංකාවෙ නම් මෙහෙම එකකට ජනතාවගේ මතය විමසන්න කලින් ලොක්කෝ සොක්කෝ කුලල් කාගන්නවා නියතයි..

තායිවනයේ ඇයි මේ වෙනස..
මෙම ඡන්දයේදී ලැබෙන ජනතා කැමැත්ත අනුව ආසියාවේ සමරිසි විවාහ නීතිගත කරන ප්‍රථම රට තායිවානය විය හැකියි.

මේ වන විටත් තායිලන්තයේ ශ්‍රේෂඨාධිකරණය සමරිසි විවාහ නීතිගත කිරීම වෙනුවෙන් නීති පස් ආකාරයක ප්‍රකාශ කළද නීතිය වෙනස් කිරීමට පෙර ජනතාවගේ කැමැත්ත විමසීමට එරට රජය උත්සුක වී තිබේ.

ඒ අනුව සමරිසි අයිතීන් සඳහා පස් ආකාරයක නීති ගෙන එනු ඇති.
ඒ අතරට පාසලේදී දරුවන්ට සමරිසි අයිතීන් පිළිබඳව ඉගැන්විය යුතුද යන්නත් විමසා බැලීමට නියමිතය.

2) අඟහරු තුළට එබිකම් කරයි.

ඉදිරි සතියේ සඳුදාවේ ඒ කියන්නේ 26 වනදා… Nasa’s InSight lander අඟහරු ස්පර්ශ කිරීමට නියමිත දිනයයි. ඉන් පසු එයට විශාල රාජකාරී කොටසක් සිදු කරන්නට නියමිතයි.

නාසා පවසන්නේ අඟහරු එය හට ගෙන වසර බිලියන 450කට පසු සිදු කරන ගැඹුරුම පරීක්ෂණය මෙය බවයි.

ටෙකිටොනික් පරීක්ෂණයන් මගින් අඟහරැ හට ගත්තේ කෙසේද, එමෙන්ම පෘථවිය හට ගත්තේ කෙසේද යන්නත් අඟහරැ පරීක්ෂණ වලින් අනාවරඛණ වනු ඇත.

3) Brexit, Brexit and more Brexit

කුමක් සිදුවේද
එංගලන්තය මීළඟ මාස 4ක කාලය ඇතුලත යුරෝපා සංගමයෙන් වෙන් වන්නට සූදදානමින් සිටී. ඔබ සමහර විට ඒ ගැන අසා තිබෙන්නට පුළුවන , පසුගිය සති කිහිපය පුරා බ්‍රිතාන්‍යයේ අවධානයට යෙමු වුනේ අපි කෙසේ සමුගනිමුද කියාය. මෙම සතියේ කුමක් වේද අපි නෙදනිමු. නමුත් එහි අවසානය කුමන්ත්‍රණයක් වන්නටද ඉඩ ඇත.

4) කළු සිකුරාදා

ඇමරිකාවේ ස්තූති වන්ත වීමේ දිනය යෙදෙී ඇත්තේ බ්‍රහස්පතින්දාවටයි. බොහෝ පුද්ලගලයන්ගේ මනසේ එකම දෙයක් මේ සමග රැඳේ. එනම් එදිනට පෙර හැම කෙනෙක්ම කඩ සාප්පුවල කරක් ගසමින් අලුත් දේවල් මිලදී ගන්නට පමණක්ම සැරසේ..

එය කෙසේ වේවිද?
කළු සිකුරාදාවෙන් ආරම්භ වන්නේ පිස්සු හැදෙන නත්තල් සාප්පු සවාරියේ ආරම්භයයි. එමගින් මිනිසුන්ගේ ෂොපින් පුරුදු වලට අලුත් එළියක් ලබා දෙනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි