BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඉන්දුනීසියාව හැඬවූ ගුවන් අනතුර – කාරුණික කපිතාන්, මංගල සාදයට ගිය නව යුවළ සහ තවත් කතා

‘කපිතාන් අෆ්වාන්‘ එම දෛවෝපගත දිනයේ ගුවන් යානයේ නියමු අසුනේ වාඩි වී සිටි පුද්ගලයා ය. බොහෝ ඉන්දුනිසියානු ජාතිකයන් හට තිබෙන්නේ පළමු නම පමණක් නිසා අපට ද ඔහුව හැඳින්වීමට සිදුවන්නේ එම නාමයෙන් පමණි.

54 හැවිරිදි කපිතාන් අෆ්වාන්, සිය ජීවිතය ගුවන් හමුදාවේ නියමුවෙකු ලෙස ආරම්භ කර ඇති අතර, ඉන්පසුව වාණිජ ගුවන් සේවයට බැඳී ඇත. ඉතා පිළිවෙළට සහ ක්‍රමානුකූල ලෙස වැඩ කරන්නෙකු ලෙස ප්‍රකටව සිටි ඔහු, එම දෛවෝපගත දිනයේ අසාමාන්‍ය හැසිරීමක් පෙන්වා අති බව ඔහුගේ සමීපම ඥාතීහු කියති.

බීබීසී පුවත් සේවයට ඔහුගේ ඥාතීන් ලබාදුන් තොරතුරුවලට අනුව කපිතාන් අෆ්වාන් එදින නිවසින් පිටත්ව ගොස් තිබෙන්නේ දැඩි කඩිමුඩියකිනි. වෙනදා කිසිවිටෙක සිදුනොවන පරිදි ඔහු හැඳගෙන ගොස් තිබෙන්නේ නොමැදූ- පොඩිවුණු කමිසයකි. ඔහු සාමාන්‍යෙයන් ඉතා පිළිවෙළට ඇඳුම් අඳින අයෙකු බව ඔහුගේ ඥාති පුත්‍රෙයකු පැවසීය.

ඔහුගේ පවුලේ අය සහ හිතමිතුරන් සියලු දෙනා දැඩි සේ දෙවියන් අදහන මුස්ලිම් බැතිමතුන් ය. අසල්වාසීන්ට උදව් උපකාර කිරිමට ද ඔහු දැඩි කැමැත්තක් දැක්වූ අයෙකි. ඔහුගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමේ ද ඔහුගේ ප්‍රොෆයිල් පින්තූරය ලෙස දැක්වෙන්නේ සුපර්මෑන් යාඥා කරමින් සිටින අන්දම දැක්වෙන කාටූනයකි.

“it doesn’t matter how high you fly, you will never reach heaven if you don’t pray”

‘‘ඔබ කොතරම් ඉහළට පියාසර කළත් කමක් නෑ. නමුත් ඔබ යාඥා නොකරන්නේ නම් ඔබට දෙව් ලොව වෙත ළඟා වන්නට බැහැ‘‘

යනුවෙන් ද එම ප්‍රොෆයිල් පින්තූරය සමගම සඳහන් වේ.

‘‘ඔහු ඉතා නැණවත් කෙනෙක්. හැමවිටම හොඳ උපදෙස් දුන්නා. ඔහුගේ කාරුණිකත්වය ගැන හැම කෙනෙක්ම කතා කරනවා.‘‘ යැයි කපිතාන් අෆ්වාන්ගේ පවුලේ අය කියති.

සතියක් වයසැති පුතාගේ නාවික තාත්තා

මේ අතර, ගුවන් යානයේ ගමන් ගත් සෙසු මගීන් පිළිබඳව ද තොරතුරු මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය කළඹමින් සිටියි. ඒ අතරින්, කාගෝ බෝට්ටුවක සේවය කළ, රැකියාව සඳහා ආපසු යමින් සිටි වයස 29 ක ඉන්දුනීසියානු තරුණයෙකු ගැන ද වාර්තා වේ. ඔහු පියෙකු බවට පත් වූයේ මෙයට හරියටම සතියකට පෙර ය. අන්ගා නමැති මෙම නාවිකයා, පුතා ඉපදුණු පසු අනලස්ව සේවයට වාර්තා කරමින් සිටියේ, පියෙකු බවට පත් වූ පසුව වෙනදාටත් වඩා වෙහෙස වී වැඩ කළ යුතු නිසා ය. අන්ගාගේ බිරිඳ සහ පවුලේ අය විශ්වාස කරන්නේ ඔහු කෙසේ හෝ ජීවිතය බේරාගෙන ඇති බවයි.

BBC Indonesia

අලුත විවාපත් වූ ඉන්දුනීසියානු යුවළක් ද යානය තුළ සිට ඇත. ඉෂ්ාන් අධාලන් හකීම් සහ පුත්‍රි වාහියුනි යන මේ දෙපළ  බෝර්නියෝ දූපත්වල කලිමන්තාන් වෙත යමින් සිටියේ මනාලයාගේ දෙමාපියන්ගේ ඥාතීන්ට මංගල සාදයක් පැවැත්වීම සඳහා ය. කලිමන්තාන් මෙම ගුවන් යානයේ ද ගමනාන්තය විය.

Sriwijaya Air SJ182 ගුවන් යානය අනතුරට ලක් වූ බව නිවේදනය වන විට ඉන්දා හලීමා පුත්‍රි ගේ මව සිහිමුර්ඡා වී ඇද වැටුණාය. ඉන්දා සහ සැමියා මොහොම්මද් රිස්කි බෝර්නියෝ දූපත් බලා යමින් සිටියේ සිය අලුත උපන් බිළිඳා ද සමග ය. ඔවුන් පොන්ටිනාක් වෙත යමින් සිටියේ අලුත උපන් බිළිඳිය සැමියාගේ පවුලේ අයට පෙන්වනු පිණිස ය.

ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කළ අන්දමට ගුවන් යානය ගමන් අරඹන්නට පෙර ඉන්දා විසින් වට්ස්අප් මැසේජයක් මගින් ඡායාරූපයක් ද සමග සිය පවුල වෙත පණිවුඩයක් යවමින් කියා ඇත්තේ, දැඩි වර්ෂාවක් පවතින බව සහ, තමන් වෙනුවෙන් යාඥා කරන ලෙස ය.

මේ වන විට පොන්ටියානාක් සුපාඩියෝ ගුවන් තොටුපොළේ බලධාරීන්, ගුවන් මගීන්ගේ සමීප ඥාතීන්ගෙන් DNA සාම්පල එක්රැස්කරමින් සිටින්නේ හඳුනා ගැනීමේ කටයුතු පහසු වීම සඳහා ය.

EPA

කළු පෙට්ටිය හමු වේ

මේ වන විට මෙයට දින 2 කට පෙර 62 දෙනෙකු සමග ඉන්දුනීසියාවේ බෝර්නියෝ දූපත් බලා පියාසර කරමින් සිටියදී අතුරුදන් වූ ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගෙන තිබේ.

සිරිවිජය එයා ගුවන් සේවයට අයත් මෙම බෝයිං 737 යානයේ කලු පෙට්ටි දෙකම මේ වන විට තිබෙන ස්ථාන හඳුනාගෙන ඇති බව පවසන්නේ ගළවා ගැනීමේ භටයන් ය.

විනාඩි 90 ක ගමනෙන් විනාඩි 4 ක් පමණක් සම්පූර්ණ කිරීමට සමත් වූ මෙම ගුවන් යානය, අනතුරුව විනාඩියක් ඇතුළත අඩි 10,000 කට වඩා එකවරම පහළට කඩා වැටී ඇති අතර ඉන්පසු සියලු සංඥා ඇණහිටියේය. අනතුරුව ජකර්තාව අවට මුහුදෙන් ගුවන් යානාවක ලෝහමය සුන්බුන් හමුවන්නට පටන් ගත්තේය.

මොකක්ද මේ කළු පෙට්ටිය?

‘බ්ලැක් බොක්ස්‘ හෙවත් ‘කළු පෙට්ටිය‘ යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ ගුවන් දත්ත රෙකෝඩරය සහ නියමු කුටියේ වොයිස් රෙකෝඩරය ඇතුළත් පෙට්ටියයි. මෙමගින් යානයේ අවසාන ඉරණම ගැන සියලු තොරතුරු අනාවරණය කර ගත හැක.

Cover Photo: ENDAH

පෙර ලිපිය

ඉන්දුනීසියානු මගී ගුවන් යානාවක් අතුරුදහන් – සුන්බුන් හමු වේ


පෘථිවිය තවත් මහා වඳවීමේ සිදුවීමක අද්දර සිටින බව ඩේවිඩ් ඇටෙන්බරෝ අනතුරු අඟවයි

දියවන අයිස් තට්ටු ලෝකය ගිල ගනීද…?

Dominion Voting Systems ට්‍රම්ප්ගේ පුද්ගලි​ක නීතීඥ ජියුලියානිට එරෙහිව නඩු පවරයි

යුධ අපරාධ සැකකරුවා අන්තර්ජාතික අපරාධ අධිකරණයට භාර දෙයි

මේ ඔවුන්ගේ මහපොළවයි.. ගොඩ්සිලා – කොන්ග් හරඹය මාර්තු මසදී!

බියගන්වන සුළු දේශපාලන අනාවැකි කී ද සිම්ප්සන්ස් ගේ තවත් අනාවැකියක් සනාථ වෙලා!

ජෝ බිඩෙන් දිවුරුම් දීමේ උත්සවයේ සමාරම්භක කවියෙකු වන අමැන්ඩා ගෝමන්ට පිරිනැමුණු වටිනා රැකියා භූමිකාව

ඉන්දියාවේ කොරෝනා එන්නත් සාදන සීරම් සමාගම ගිනි ගනියි!

error: Content is protected !!
error: Content is protected !!