ඊයේ ඊජිප්තුවේ දුම්රියක ඇති වූ පිපිරුමක් ද සමග පුද්ගලයින් 25කට වඩා මිය ගිය අතර 50කට වඩා පිරිසකට තුවාල සිදු විය.
ඊජිප්තුවේ කයිරෝ දුම්රිය ස්ථානයේදී සිදු වූ මෙම අනතුරෙන් පසු ඊජිප්තුවේ ප්‍රවාහන ඇමතිවරයාද සිය ධූරයෙන් ඉල්ලා අස් විය.
දුම්රිය ධාවනය වෙමින් පවතිද්දී දුම්රියේ ඉන්ධන ටැංකිය තුළ හදිසියේ ඇති වූ පිපිරුමක් හේතුවෙන් ඇති වූ මෙම තත්ත්වය නිසා දුම්රියේ මෙන්ම දුම්රිය ස්ථානයේ සිටි පිරිසද අනතුරට පත් විය.
එරට අගමැති මුස්තාෆා මද්බෝලි විසින් මෙම අනතුරට වගකිව යුතු සියල්ලන්ට දැඩි දඩුවම් පමුණුවන බව ප්‍රකාශ කර සිටියද එරට සමාජ මාධ්‍ය තුළින් මෙම අනතුරේ වගකීම එරට ජනපතිවරයා අබ්දුල් ෆටා අල් සිසී විසින් භාර ගත යුත් බවට චෝදනා කර සිටිති.
මන්ද ඊජිප්තුව මේ වන වාට ලෝකයේ දුම්රිය අනතුයරු වැඩියෙන්ම සිදු වන රාජ්‍යයන්ගෙන් එකක් වන අතර පසු ගිය 2017 වසරේදී පමණක් ඊජිප්තුවේ සිදුව ඇති දුමරිය අනතුරු සංඛ්‍යාව 1793ක් විය. ඒ අතර පසුගිය අගෝස්තුමස පමණක් දුම්රිය අනතුරු 100ක් සිදුව ඇති අතර මසක් තුළ 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.
මේ අතරින් එරට සිදු වූ විශාලතම අනතුර පසුගිය 2002 වසරේ සිදු වූ අතර එහිදී පුද්ගලයින් 370න් ජීවිතක්ෂයට පත් වී ඇත.
කෙසේ වෙතත් මෙතරම් අනතුරු සංඛ්‍යාවක් සිදු වෙමින් පවතිද්දී එරට වගකිව යුතු පාලකයින් විසින් දුම්රිය ආරක්ෂණ පද්ධතියන් සිථාපිත නොකිරීම පිළිබද ජනතාවගේ අප්‍රසාධය රජය වෙත පළ වෙමින් තිබේ.