ඉන්දියානු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් එරට තුළ අවදානම යළිත් ඉහළ ගොස් තිබේ.
මේ වනවිට එරටින් ආසාදිතයන් මිලියන 1.3 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර පුද්ගලයන් 23,000 කට වඩා වැඩි පිරිසක් මරණයට පත්ව තිබෙනවා.
කෙතරම් අවදානමක් තිබුණද එරට ජනතාව එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වන බවයි වාර්තා වන්නේ.
මෙම තත්වය හේතුවෙන් පිලිපීන ජනාධිපතිවරයා කලබලයට පත්ව සිටින අතර ඔහු පසුගිය සඳුදා පවසා තිබෙන්නේ රටවැසියන් තම පාලනයට අවනත නොවීම සම්බන්ධයෙන් කෝපයට පත්ව සිටින බවයි.
එන්න ලබා ගැනීමට ඉදිරිපත් නොවන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩිව ක්‍රියාත්මක වීමට සිදුවන බවත්, එන්නත් ලබා ගන්නේද එසේ නැතහොත් සිපිරිගෙට යන්නේද යන්න ජනතාව විසින් තීරණය කළයුතු බවත් ඔහු පවසා තිබෙනවා.
මිලියන 110 ක් පමණ වන එරට ජනතාවගෙන් තවමත් එන්න්කරණය අවසන් කර තිබෙන්නේ මිලියන 2.1 කට පමණි.
එරට රජයේ අරමුණ වන්නේ මෙම වසර තුළදී අවම වශයෙන් මිලියන 70 කට පමණ එන්නත්කරණය අවසන් කිරීමයි.
කෙසේ නමුත් ජනතාව ඒ සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් එරට සෞඛ්‍ය බළධාරීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.
UN for LNW