දුගී බව තුරන් කිරීම සදහා වන අන්තර්ජාතික දිනය යි.
ලොක ප්‍රකට රැප් ගායක එමිනෙම් ගේ උපන්දිනය අද යි.
690 – වු සේටියන් අධිරාජිනිය චීනයේ zhou රාජවංශය පිහිටුවයි. චීනයේ එකම අධිරාජනිය ලෙස ඉතිහාසගත ව සිටින්නේ වූ සේටියන් ය.
1907 – ගුග්ලිඑල්මෝ මාර්කෝනි විසින් ලොව ප්‍රථම වාණිජ්‍ය අන්තර් අත්ලාන්තික ගුවන් විදුලිය අරඹයි. මේ ග්ලාස් බේ, නෝවා ස්කෝෂියාව, කැනඩාව සහ අයර්ලන්තයේ ක්ලිෆ්ඩන් අතර ය.
1933 – නාසි ජර්මනියෙන් දේශපාලන සරණාගතයකු ලෙස ඇල්බර්ට් අයින්ස්ටයින් එක්සත් ජනපදය වෙත පැමිණෙයි. දෙවන ලෝක යුද්ධයේ මහා සතුරා වූ ජර්මනිය පැරදවීම සඳහා ඔහු ඇමරිකාවේදී මැන්හැටන් ව්‍යාපෘතිය සමග සම්බන්ධ විය. පරමාණු බෝම්බ නිපදවීම සිදුකෙරුණේ මැන්හැටන් ව්‍යාපෘතියේ කොටසක් ලෙස ය.
1943 – පෝලන්තයේ නාසි පාලනය – නාසි වධ කදවුරක් වූ සැබිබෝර් වසා දමයි.
1956 – ප්‍රථම වාණිජ්‍ය න්‍යෂ්ටික බල මධ්‍යස්ථානය දෙවැනි එලිසබෙත් රැජිණ විසින් එංගලන්තයේ සෙලෆීල්ඩ් හි දී විවෘත කරනු ලබයි.
1979 – තෙරේසා මව්තුමියට නොබෙල් සාම ත්‍යාගය හිමිවෙයි. කල්කටාවේ මුඩුක්කු වල වාසය කළ අන්ත දුගී ජනතාවගේ ජීවිත සැපවත් කිිරීම සඳහා කළ මෙහෙය මෙහිදී පිළිගැනීමට ලක්විය. ඇය ඒ වන විට ලොව ප්රකටව සිටියේ ‘මුඩුක්කුවේ දේවතාවිය‘ සහ ‘දයානුකම්පාවේ දේවතාවිය‘ වැනි අන්වර්ථ නම්වලිනි.
2008 – ලොව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගත් ක්‍රිකට් ක්‍රීඩකයා බවට සචින් තෙන්දුල්කාර් පත්වෙයි. ඔහු මේ බිද හෙලනු ලැබුවේ එතෙක් බ්‍රයන් ලාරා සතුව තිබූ වාර්තාව යි.
2020 – 53 වැනි පාර්ලිමේන්තුව පත් කර ගැනීමට පවත්වනු ලබන නවසීලන්තයේ මහ මැතිවරණය අද දිනයේ පැවැත්විණි. එහිදී අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් දෙවන වරටත් බලය දිනා ගත්තාය.