×

ජැක් මා, Alibaba මුල් පුටුවෙන් බිමට බසී.

බ්ලූම්බර්ග් රූපවාහිනී සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ජැක් මා පැවසුවේ තමන් මයික්‍රොසොෆ්ට් ප්‍රධානී බිල් ගේට්ස් ව අනුගමනය කරන බවයි.


ලොව වැඩිම වත්කමකට හිමිකම් කියනු ලබන සමාගම, Alibaba  සමාගමෙ හී මුල් පුටුවේ සිටි චීනයේ පෙහෝසතුන්ගෙන් අයෙක් වන ජැක් මා . සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය ක‍ළ බව නිවුයොර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර ඇත.

Alibaba සමාගමේ ප්‍රධානියා මෙන්ම එහි නිර්මාතෘවරයා ද වූ ජැක් මා මින් ඉදිරියේදී එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් පමණක් ලෙස ආයතනය හා ක්‍රියා කරනු ඇති බව ඔහු තීරණය කර ඇත.

1999 වසරේ සිට අන්තර්ජාල සමාගමක් ලෙස ඉතා සීඝ්‍රයෙන් ඉදිරියට පැමිණි Alibaba  සමාගම අද ලොව විශාලතම අන්තර්ජාල සමාගම් අතරෙහි සිටී.

එහි වෙළඳපළ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 400 ඉක්මවයි. අන්තර් ජාලය ඔසුසේ බාණ්ඩ විකිණීමේ සිට චිත්‍ර පට නිෂ්පාදනය දක්වා ඔවුන්ගේ ආයතනයේ කටයුතු විහිදෙයි.

එළැඹෙන 10 වනදින සිය 54 වන උපන්දිනය සමරන ජැක් මා ගේ පෞද්ගලික වත්කම ඩොලර් බිලියන 40කි.

පසුගියදා බ්ලූම්බර්ග් රූපවාහිනී සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ජැක් මා පැවසුවේ තමන් මයික්‍රොසොෆ්ට් ප්‍රධානී බිල් ගේට්ස් ව අනුගමනය කරන බවයි.

බිල් ගේට්ස් ගෙන මට ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. මට කිසි දිනෙක ලෝකයේ පොහොසතා ලෙසම ජීවත් විය නොහැකියි. නමුත් මට වඩාත්ම හොඳින් කළ හැකි දෙය වන්නේ ඉතා ඉක්මණින් විශ්‍රාම ගැනීම පමණි. අලීබාබා ආයතනයේ ප්‍රධානියාව සිටීමට වඩා වැදගත් දෙයක් මට කරන්නට තිබෙනවා.

චීනයේ විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි උගන්වමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ජැක් මා සිය මිතුරන් කණ්ඩායමක් සමග සිය තට්ටු නිවාසයේ සිට Alibaba  ආරම්භ කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි