×

තායිලන්ත රජු රූමතියන් 20 දෙනෙකුගේ අන්තංපුරයක් සමග ජර්මනියේ ලොක්ඩවුන් වෙයි!

තායිලන්ත ජාතිකයන් සිය රජුට එරෙහිව වචනයක් පවා පැවසීමට සාමාන්‍යයෙන් මැලි වෙතත්, මේ වන විට ඔවුන්ගේ කෝපය සමාජ ජාල හරහා දෝරෙ ගලමින් තිබේ.


 එයට හේතුව තායි රජු, දකුණු දිග ජර්මනියේ රූමතියන් 20 දෙනෙකු සමග ලොක්ඩවුන් වී ඇති බව සැළ වීමයි.

ජර්මනියට ගොස් සිටින දසවැනි රාමා (King Rama X) නොහොත් මහා වජිරාලන්කෝන් (Maha Vajiralongkorn) රජුට බැවේරියාවේ තරු හතරේ හෝටලක් සම්පූර්ණයෙන්ම බුක් කර ගැනීමට අවසර ලැබී ඇති අතර, ඔහු අන්තංපුරයක් සමග ස්වයං නිරෝධායනයට ලක් වීමට තීරණය කරන්නේ ඒ අනුව ය!

මේ කාලය තුළ මෙම සුපිරි හෝටලය රජුගේ තාවකාලික මන්දිරය ලෙස සැලකෙන බව ද වාර්තා වේ.

German officials allowed the king to convert the hotel into a personal residence despite quarantine rules (Picture- Newsflash)

German officials allowed the king to convert the hotel into a personal residence despite quarantine rules (Picture- Newsflash)

මේ අතර ජර්මානු මාධ්‍ය විසින් ද මේ පුවත සනාථ කර තිබේ. ඔවුන්ට අනුව තායිලන්තයේ මහා වජිරාලන්කෝන් රජුගේ පිරිවරට රිදී දෝලි (concubines) 20 දෙනෙකුගෙන් සමන්විත අන්තංපුරයක් මෙම හෝටලයේ ලැගුම් ගෙන සිටියි. මේ පිරිවර සමග පැමිණි 119 දෙනෙකු ආපසු තායිලන්තය බලා යවා තිබෙන්නේ කොරෝනා වෛරස් අවදානම හේතුවෙනි.

The British-educated Rama X pictured as his coronation (Getty Images)

The British-educated Rama X pictured as his coronation (Getty Images)

තායි රජු පාපැදි සවාරි සඳහා ප්‍රිය කරන්නෙකු ලෙස ප්‍රකට ය. ඔහු ජර්මානු බැවේරියාව සිය සංචාරක ගමනාන්තයක් ලෙස තෝරාගැනීම සම්බන්ධයෙන් හේතු දක්වා ඇත්තේ එසේ ය.

The four-star luxury hotel is now thought to be home to his entire entourage, including 20 concubines (Credits- Newsflash)

The four-star luxury hotel is now thought to be home to his entire entourage, including 20 concubines (Credits- Newsflash)

තායි රජුට ජර්මනියේ ස්ටැන්බර්ග් විලට සැතපුම් 25 ක් පමණ නුදුරින් තමන්ගේම සුවිසල් නිවාඩු නිකේතනයක් ද හිමි බව වාර්තා වේ.

එංගලන්තයේ සමර්සෙට් හි මිල්ෆීල්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අයෙකු වන තායි රජු, වරක් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ශීර්ෂපාඨ මැව්වේ සිය පූඩ්ල් වර්ගයේ Fufu නම් සුනඛයා රාජකීය තායි ගුවන් හමුදාවේ ‘චීෆ් මාෂල්‘ තනතුරට පත් කර ඇති බව රහස් කේබල් පණිවුඩ හරහා අනාවරණය වීමත් සමගය. Fufu සුනඛයා 2015 වසරේදී මිය ගිය අතර ඔහු සුනඛයාගේ මරණය දින 4 ක රාජකීය ශෝක මහෝත්සවකින් සැමරුවේය. ඔහු සිංහාසනාරූඪ වූයේ එයට වසරකට පසුව ය.

තායිලන්තයේදී රජුට අපහාස කිරීම, දේවාපහාසයක් සේ බලවත් ය. රජුට අපහාස කළහොත් එය තායිලන්ත නීතිය යටතේ වසර 15 ක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදකි. නමුත් මේ වතාවේ නම් රටවැසියන් බිය සැක පැත්තක තබා රජුගේ මේ ක්‍රියාව විවේචනය කරන්නට පටන් ගෙන තිබේ.

තායිලන්ත රජු මේ කම්සැප විඳින්නේ තායිලන්තය ද කොරෝනා වසංගතය හේතුවෙන් ලොක්ඩවුන් වී ඇති වාතාවරණයක ය. මේ වන විට තායිලන්තයෙන් කොවිඩ්-19 ආසාදිතයන් 1524 ක් වාර්තා වන අතර, 9 දෙනෙකු මිය ගොස් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි