×

පිලිපීනයේ කැනේඩියානු කුණු කන්ද ඉවතට!

වසර ගණනක් මුළුල්ලේ පිලිපීනයේ ගොඩගැසී තිබූ කැනේඩියානු කුණුකන්ද නැව් සමාගමක් හරහා ඉවත් කර දැමීමට කටයුතු කරන බව කැනේඩියානු රජය පවසයි. කැනඩාව විසින් මෙම කුණු කන්ද නැව් ඔස්සේ පිලිපීන භූමිය වෙත ගොඩබෑවේ දැනට වසර ගණනාවකට පෙරය. කැනේඩියානු සමාගමක් විසින් 2013 සහ 2014 යන වර්ෂයන් හීදී පිලිපීනයේ වරායන් වෙත ගෘහස්ථ අපද්‍රව්‍ය පිරවූ කන්ටේනර් හා ඉලෙක්ට්‍රොනික කසල තොගයක් […]


වසර ගණනක් මුළුල්ලේ පිලිපීනයේ ගොඩගැසී තිබූ කැනේඩියානු කුණුකන්ද නැව් සමාගමක් හරහා ඉවත් කර දැමීමට කටයුතු කරන බව කැනේඩියානු රජය පවසයි.

කැනඩාව විසින් මෙම කුණු කන්ද නැව් ඔස්සේ පිලිපීන භූමිය වෙත ගොඩබෑවේ දැනට වසර ගණනාවකට පෙරය.

කැනේඩියානු සමාගමක් විසින් 2013 සහ 2014 යන වර්ෂයන් හීදී පිලිපීනයේ වරායන් වෙත ගෘහස්ථ අපද්‍රව්‍ය පිරවූ කන්ටේනර් හා ඉලෙක්ට්‍රොනික කසල තොගයක් ගොඩබෑම හේතුවෙන් දෙරට අතර සබඳතා කලක පටන් පිරිහෙමින් පැවතිණි.

ප්ලාස්ටික් බෝතල් හා බෑග්, පුවත්පත් සහ ඩයපර්ස් ඇතුලු ගෘහස්ථ කසල ඇතුලත් කන්ටේනර් 103 ක් කැනඩාවේ සිට පිලිපීනය දක්වා 2013 සිට 2014 දක්වා කාලය තුළ නැව්ගත කර ඇත. පිලිපීන බලධාරීන් විසින් දැනටමත් එයින් 34ක් ඉවත් කිරීමට කටයුතු කර ඇත. ඉතිරි කන්ටේනර් 69 න් බොහොමයක් මැනිලා අගනුවර සහ උතුරු සුබික් නිදහස් වරායේ ගොඩගසා ඇත.

බොහොමයක් පරිසර ක්‍රියාකාරීන්ගේ විරෝධතා පවා මෙම කලාප වල දියත් කර ඇත.

තත්ත්වය යලි උණුසුම් වූයේ, කැනඩාවේ ඔටාවා අගනුවර මැයි මස 15 වන දින පොරොන්දු වූ පරිදි එම කන්ටේනර් පිලිපීන භූමියෙන් ඉවත් කර නොගත් බවත්, කැනඩාවේ පිලිපීන තානාපති හා කන්සියුලර්වරයා නැවත පිලිපීනයට කැඳවන බවත් සඳහන් කරමින් පිලිපීනය නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි.

බදාදා දින (22) නිවේදනයක් නිකුත් කරමින් කැනේඩියානු පරිසර ඇමතිනී කැතරින් මකෙනා සඳහන් කර සිටියේ මෙම කුණු කන්ද ඉවත් කිරීම සම්බන්ධව තම රජය බොලොර් ලොජිස්ටික්ස් කැනඩා නම් නැව් සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කළ බවයි. එම නිවේදනය තුළ සඳහන් වන පරිදි ඉදිරි දින කිහිපය තුළ පිලිපීන වෙරළ තීරයට මෙම නැව් පැමිණෙනු ඇති බවත්, කුණු කන්ද ඉවත් කිරීමේ කටයුතු ජූනි මස අවසන් වන විට සම්පූර්ණ කරන බවත් සඳහන් වේ.

මෙම කුණු කන්ද කැනේඩියානු ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා වන පරිදි ප්‍රවේශමෙන් කැනඩාව වෙත ගෙන ආ යුතු බැවින් එවන් කාලයක් අවශ්‍ය වන බව එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව පිලිපීනයේ පැවති කැනේඩියානු කුණු කන්ද වසන්ත සමය අවසාන වන විට නැවත කැනේඩියානු දේශසීමාව වෙත රැගෙන යනු ඇත!

බදාදා දින උදෑසන පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩියුටර්ට් ගේ මාධ්‍ය ප්‍රකාශකයකු මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ කැනේඩියානු කුණු කන්ද පිලිපීන භූමියෙන් ඉවත් කර නැවත කැනේඩියානු දේශසීමාව වෙත රැගෙන යාම සඳහා පිලිපීන රජය පෞද්ගලික නැව් සමාගමක් සොයා ගැනීමට බලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි.

“කැනඩාව තමන්ගේ ම කුණු කන්ද භාර ගන්නේ නැත්නම්, අප ඔවුන්ගේ වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 12ක් ඇතුළත එය ගෙනවිත් දමනවා,” පිලිපීන ජනාධිපති නීතීඥ සැල්වඩෝර් පැනෙලෝ පැවසීය.

කෙසේවෙතත්, කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් පවසා සිටියේ මතුව ඇති ගැටළුව ඉක්මනින් විස‍ඳෙනු ඇති බවය.

ජනපති ගේ ස්ථාවරය ඉතා නිහතමානී හා ඉතා පැහැදිලියි: පිලිපීනය ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වශයෙන් විදේශ ජාතීන්ගේ කුණු කන්දක් මෙන් සැලකිලි නොලැබිය යුතුයි.

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මෙම ගැටළුව විසඳීම සම්බන්ධයෙන් පසුගිය සතියේ කැනේඩියානු රජය පිලිපීන නිලධාරීන් සමඟ දැඩි ලෙස කටයුතු කර ඇති බව පැවසූ නමුත්, එය සිදුවන කාල රාමුවක් පිළිබඳ තොරතුරක් ලබා දී නොතිබිණ.

මෙම කුණු කන්ද නැවත කැනඩාව වෙත රැගෙන ඒම පිළිබඳ නීතිමය ගැටළු පැවතියද ඒවා මේ වන විට විසඳා ඇති බව ටෘඩෝ 2017 දී පවසන ලදී.

“මෙය අනුමත කළ නොහැකි වරදක්, මෙය දිගු කාලයකු පුරා පැවතුණා,” යනුවෙන් ටෲඩෝ බදාදා දින පැවසීය.

කැනඩාව අතින් සිදුවූ මෙම බරපතල ගැටළුව විසඳෙන තුරු කැනේඩීය ජනතාවද බලා සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි