මේ ‘නික්නේම්ස්‘ එහෙමත් නැතිනම් පටබඳින ලද නම්, ලෝකයෙන් සඟවන්නට නම් හැකියාවක් ලැබිලා නෑ සාමාන්‍යෙයන් රජ පවුලේ සාමාජිකයන් එකිනෙකා අතරත් මෙවැනි නික්නේම්ස් තිබෙනවා. කලක් රජපවුලේ දඟකාරයා විදිහට නම් දැරුව හැරී කුමාරයා විසින් දැමූ නම් ඒ අතරින් ප්‍රධානයි. හැරී කුමාරයා තමන්ගෙ නෑනා වන කේට් මිඩ්ල්ටන් හෙවත් කේට් කුමරියට කියන්නෙ ‘කැත්‘ කියලයි. තමන්ගෙ බිරිඳ වන මෙගන් මර්කෙල්ව ඔහු අමතන්නෙ ‘මෙග්‘ යනුවෙන්. මේ අතර මෙග්, හැරී කුමාරයා අමතන්නෙ ‘හැස්‘ කියලයි.
මේ අතරෙ කේට් කුමරිය සහ විලියම් කුමරු එකිනෙකාට ආමන්ත්‍රණය කරන්නෙ ඉතාම ආදරණීය විදිහට. විලියම් කුමරු කේට් කුමරියට ‘ඩාලිං‘(‘darling’) කියා අමතද්දී කේට් කුමරිය විලියම් කුමාරයාව අමතන්නේ ‘බේබෙ‘(‘babe’) කියලයි.
මේ අතර විලියම් කුමාරයා තමන්ගේ මිත්තණිය වන බ්‍රිතාන්‍ය මහ රැජිනව අමතන්නේ ‘ගැරී‘ (‘Gary’) යනුවෙන් බවත් දැනගන්නට ලැබෙනවා.
රජ පවුලට එක්වී සිටින අලුත්ම දඟකාරයා වන ජෝර්ජ් කුමාරයා මේ සම්ප්රදාය ඉදිරියටම අරන් යන බව පෙනෙනවා.
හැබැයි පෙනෙන්නට තියෙන හැටියට පුංචි ජෝර්ජ් කුමාරයා මේ වෙද්දිත් මේ නම් දාන හැම කෙනෙක්ම පරද්දා අවසන්. මේ බව හෙළිවන්නේ කේට් කුමරිය, තමන්ගේ මිතුරියකට ළඟකදී කී කතාවක් නිසයි. ඒ කතාවට අනුව පුංචි ජෝර්ජ් කුමාරයා තමන්ගෙ දෙමාපියන්ව අමතන්නේ ‘පොප්ස්‘ (‘Pops’) කියලයි!
ජෝර්ජ් කුමාරයා නම් දාන්න දක්ෂයෙක්. දැන් වයස 4 ක් වන පුංචි ජෝර්ජ්, මහ රැජිනගේ 90 වැනි ජන්මදිනය යෙදී තිබුණු අවස්ථාවේ ඇයව අමතා තිබුණේ ‘ග්‍රෑන්ඩ් මා‘ කියල නෙවෙයි, ‘ගැන්-ගැන්‘ (Gan-Gan) කියලයි!