BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

පුටින්ගේ පටි ගැලවෙයි !

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ලබා දී තිබූ කලු පටි අහිමි කිරීමට ජාත්‍යන්තර ජුඩෝ සම්මේලනය පියවර ගෙන තිබේ.

එසේම පුටින් ජනාධිපතිවරයාට ලබා දී තිබූ සම්මාන සභාපති ධුරයද යළි කැඳවීමටයි තීරණය කර තිබෙන්නේ.

ජාත්‍යන්තර ජුඩෝ සම්මේලනය මෙම තීරණයට එළඹියේ පුටින් ජනාධිපතිවරයා විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙනි.

රුසියානු හමුදා, යුක්රේනයේ අගනුවර ඇතුළු නගරවලට බෝම්බ හෙළීම ආරම්භ කිරීමත් සමග කලු පටි ඉවත් කිරීමත් සම්මාන සභාපති ධුරය අහිමි කිරීමත් සිදු විය.

මේ අතර ලබන මැයි මාසයේදී රුසියාවේ කසාන් නගරයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලිය අත්හිටුවීමටද තීරණය කර ඇත.

මේ අතර ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය විසින් පුටින් වෙත පිරිනමා තිබූ කලු පටිද ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

යුක්රේනය ආක්‍රමණය කිරීමට පුටින් ගත් තීරණය දැඩිලෙස හෙළා දකින ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය පවසන්නේ එය ‘ජයග්‍රහණයට වඩා සාමය වටී’ යන ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය ආදර්ශ පාඨයට එරෙහිව යාමක් බවයි.

UN for LNW


ඉන්දියාවේ මඟින් පටවාගත් ලොරියක් පෙරලීමෙන් 26 දෙනෙකු මරුට

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ලබන සතියේ රුසියාව සහ යුක්රේනය බලා සංචාරයක!

ලයිමන් නගරයත් අපි මුදවා ගත්තා: යුක්රේනය

130 කට ආසන්න පිරිසකට මරු කැඳවූ ඉන්දුනීසියාවේ පාපන්දු වියරුව!

කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයක පිපිරීමක්

සෝමාලියාවේ හමුදා කඳවුරක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්!

මගෙ සල්ලි කෝ? ටේබල් ටෙනිස් සූරිය අසන්නීය

රුසියානුවෙක් වෙන්න අපේ හමුදාවට එන්න – විදේශිකයන්ට පුටින්ගෙන් ඇරයුම්

error: Content is protected !!
error: Content is protected !!