BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

බලාගෙනයි, සමහර ගැහැනුන්ට සුපිරි දෘෂ්ටියක් ඇත.

මිලියන 99කට අධික වර්ණ සංඛ්‍යාවක් තම දෑසින් දකින්නට හැකි කාන්තාවක් ගැන තොරතුරු අනාවරණය වේ.

මේ හෙළිදරව්ව සිදුව තිබෙන්නේ පර්යේෂණයක් අතර තුරදිය. එපමණ වර්ණ ප්‍රමාණයක් දැක ගන්නට ඇයට හැකියාව ලැබී ඇත්තේ ඇගේ ඇසෙහි ඇති සෛලවල සුවිශේෂ පිහිටීමක් හේතු කරගෙනය. පර්යේෂණය සිදු කළ ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ වසර 25ක් මුළුල්ලේ පර්යේෂණ සිදුකළ මුත් එවැනි පුද්ගලයකු සම්බන්ධයෙන් මෙයට පෙර වාර්තා නොවුණ බවකි. බ්‍රිතාන්‍ය ජාතික පර්යේෂකයන් පිරිසක් සිදු කළ මේ පර්යේෂණය අතරතුරදී අනාවරණය කරගත් කාන්තාව cDa29 වශයෙන් නම් කර ඇත.

බ්‍රිතාන්‍ය ජාතික එකී කාන්තාවගේ දෘෂ්ටි තත්ත්වය සම්බන්ධ තොරතුරු හැරුණු විට අන් කිසිදු පෞද්ගලික තොරතුරක් හෙළි නොවේ. මේ කාන්තාව සතු දෘෂ්ටිය, විද්‍යාඥයන් හඳුන්වන්නේ “සුපිරි දෘෂ්ටිය” හැටියටය. ඔවුන් එය විද්‍යාත්මකව විග්‍රහ කරන්නේ ඈ “ටෙට්‍රාක්‍රෝමැට්” (Tetrachromat) තත්ත්වයක් සහිත කාන්තාවක වශයෙනි. ටෙට්‍රාක්‍රෝමැට් නැමැති එම සුවිශේෂී තත්ත්වය ඇති වන්නේ මිනිස් ඇසෙහි පවත්නා කේතු ආකාර සෛල මුල්කරගෙනය. මිනිස් ඇසෙහි දෘෂ්ටි විතානය මත පිහිටියාවූත්, ආලෝක ප්‍රතිග්‍රාහක ක්‍රියාවලියෙහි යෙදෙන්නාවූත් සෛල විශේෂයක් හැටියට කේතු ආකාර සෛල හඳුන්වන්නට පුළුවන. විද්‍යාඥයන් විග්‍රහ කරන ආකාරයට සුපිරි දෘෂ්ටියක් නැති – එනම් සාමාන්‍යය දෘෂ්ටියක් හිමි – අප සැවොම අයත් වන්නේ ට්‍රයික්‍රෝමැට් නම් තත්ත්වයටයි. එහි අරුත අනෙකක් නොව මාදිලි තුනක කේතු ආකාර සෛල අප ඇසෙහි පවතින්නේය යන්නයි.

මේ සෑම මාදිලියකම සෛලවලට වර්ණ 100 බැගින් පමණ වෙන්කර හඳුනාගන්නට හැකියාව තිබේ. මාදිලි තුනෙහි සෛල වෙන්කර ගන්නා වර්ණ ප්‍රමාණයෙහි සංකලනයන් සංඛ්‍යාව මිලියනයක් තරම් යැයි කියා විද්‍යාඥයෝ පවසති. එහි අරුත, මාදිලි තුනෙහි සෛලවලින් ග්‍රහණය කරගන්නා පැහැයන් සංඛ්‍යාවෙහි සංකලනයන් ගණන මිලියනයක් පමණ වන බවයි. වඩාත් සරලව කිවහොත් මාදිලි තුනක කේතු ආකාරයේ සෛල සහිත අපට මිලියනයකට ආසන්න වර්ණ සංඛ්‍යාවක් වෙන්කර හඳුනාගන්නට හැකි බවකි. කේතු ආකාර සෛල මාදිලි 4ක් මිනිස් ඇස තුළ පිහිටිය හැකි බව මුලින්ම පැහැදිලි කර ගැනුණේ 1948 වසරේදීය. ඊට මුල් වුණේ නෙදර්ලන්ත ජාතික විද්‍යාඥ එච්.එල් ඩිව්රිස් බැව් දැක්වේ. වර්ණ අන්ධතාවයෙන් පෙළෙන පුද්ගලයන් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ හරහා ඔහු ටෙට්‍රාක්‍රෝමැට් තත්ත්වය අනාවරණය කරගන්නට සමත්ව තිබිණ.

මේ සෑම මාදිලියකම සෛලවලට වර්ණ 100 බැගින් පමණ වෙන්කර හඳුනාගන්නට හැකියාව තිබේ. මාදිලි තුනෙහි සෛල වෙන්කර ගන්නා වර්ණ ප්‍රමාණයෙහි සංකලනයන් සංඛ්‍යාව මිලියනයක් තරම් යැයි කියා විද්‍යාඥයෝ පවසති. එහි අරුත, මාදිලි තුනෙහි සෛලවලින් ග්‍රහණය කරගන්නා පැහැයන් සංඛ්‍යාවෙහි සංකලනයන් ගණන මිලියනයක් පමණ වන බවයි. වඩාත් සරලව කිවහොත් මාදිලි තුනක කේතු ආකාරයේ සෛල සහිත අපට මිලියනයකට ආසන්න වර්ණ සංඛ්‍යාවක් වෙන්කර හඳුනාගන්නට හැකි බවකි.

වර්ණ අන්ධතාවයෙන් පෙළෙන පුද්ගලයකුගේ ඇසෙහි කේතු ආකාර සෛල මාදිලි තුනක් තිබුණත් ක්‍රියාත්මක වන්නේ මාදිලි දෙකක සෛල පමණි. ඒ මාදිලි දෙකට අයත් නොවන අනෙක් මාදිලියේ සෛලවල සංවේදීතාවය අඩුය. එනිසා කොළ පැහැති හෝ රතු පැහැති හෝ ආලෝකයන්ට එම සෛල මාදිලි දක්වන්නේ බෙහෙවින් අඩු සංවේදීතාවයකි. වර්ණ අන්ධතාවයෙන් පෙළෙන පුද්ගලයන්ගේ අක්ෂිවල ක්‍රියාක්රීත්වය සහ ව්‍යුහාත්මක ස්වරූපය කෙබඳුද යන්න ගැන දිගින් දිගටම පර්යේෂණ සිදු කළ ඩිව්රිස්ට ඉතා වැදගත් කාරණයක් අනාවරණය කරගන්නට හැකි විණ. එනම්, වර්ණ අන්ධතාවයෙන් යුත් පිරිමි අයවළුන්ගේ මවගේ හෝ දියණියන්ගේ හෝ අක්ෂිවල කේතු ආකාර සෛල මාදිලි හතරක් ඇති බවකි. මේ මාදිලි හතරෙන් ක්‍රියාත්මක මට්ටමේ පවතින්නේ සෛල මාදිලි තුනකට අයත් සෛල පමණි. අනෙක් මාදිලියේ සෛල සංවේදීතාවයෙන් ඉතා අඩුය. ඩිව්රිස් අනාවරණය කරගත් මේ වැදගත් කාරණය ඉන් පෙර කිසිදු විද්‍යාඥයකු අනාවරණය කෙරගෙන නොතිබිණ. ඩිව්රිස්ගේ ඒ වැදගත් හෙළිදරව්ව දෙසට අසූව දශකය එළඹෙන තුරුම අන් කිසිදු විද්වතෙකුගේ අවධානය යොමු වුණු බවක් දක්නට නැත. ඇසෙහි පවත්නා කේතු ආකාර සෛල සම්බන්ධයෙන් 80 දශකයේදී පර්යේෂණ පවත්වන්නට පටන් ගන්නේ බ්‍රිතාන්‍යයයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජෝන් මොලන් නැමැති විද්වතෙකි. ජෝන් මොලන් සිය පර්යේෂණය මෙහෙය වූයේ, කේතු ආකාර සෛල මාදිලි හතරක් ඇති කාන්තාවන් සම්බන්ධයෙනි. මොලන් විශ්වාස කළේ වර්ණ අන්ධතාවයෙන් පෙළෙන පිරිමින්, ආවේණියෙන් ඔවුන්ගේ දියණියන්ට, හතර මාදිලියක කේතු ආකාර සෛල උරුම කරන බවකි. සිව් මාදිලියේම කේතු ආකාර සෛල දරණ ගැහැණු ප්‍රමාණය ගැහැනුන් ජනගහනයෙන් 12%ක් පමණ බැව් ජෝන් මොලන් කියා සිටියේය.

සිව් මාදිලියේ කේතු ආකාර සෛල දැරුවත් ඒ ගැහැනුන් වර්ණ දකින්නේ අනෙක් සාමාන්‍යය ගැහැනුන් මෙන් බව මොලන්ගේ මතය විණ. එහි අරුත අනෙකක් නොව, කේතු ආකාර සෛල මාදිලි හතරක් ඇතත් ඉන් තුනක් පමණක් ක්‍රියාකාරී මට්ටමෙහි ඇති බවය. එමෙන්ම එක් මාදිලියක් ක්‍රියාකාරී මට්ටමෙහි නොපවතින බවය. මේ අතර බ්‍රිතාන්‍යයයේ නිව් කාසල් විශ්වවිද්‍යාලයේ ගේබ්‍රියෙලේ ජෝර්දාන් නැමැති විද්‍යාඥවරිය මිනිසුන්ගේ “සුපිරි දෘෂ්ටිය” ගැන 2007 වසරේ සිට පර්යේෂණය පවත්වන්නට පටන් ගත්තාය. මාදිලි හතරක් සහිත කේතු ආකාර සෛල දරණ කාන්තාවන් 25දෙනෙකු ජෝර්දාන් සිය පර්යේෂණයට යොදාගත් බැව් සඳහන් වේ. මේ කාන්තාවන් අඳුරු කාමරයකට කැඳවා, ආලෝකය සපයන මෙවලමක් දෙස බලන්නට සලස්වන ලදී. වර්ණ කව තුනක් සහිත ආලෝකයක් ඔවුන්ගේ අක්ෂි වෙත එල්ල කෙරිණ. ට්‍රයික්‍රෝමැට් තත්ත්වයෙන් පසුවුණු කාන්තාවන් සියලුදෙනාම දුටුවේ එකම වර්ණයන්ය. මේ කාන්තාවන් අතර ටෙට්‍රාක්‍රෝමැට් තත්ත්වයෙන් පසුවන කාන්තාවක් වේ නම් ඇය වෙනස්ම ආකාරයේ වර්ණ දැකිය යුතු බව ජෝර්දානගේ උපකල්පනය විණ.

වර්ණ කව තුනෙන්ම නිකුත් කෙරෙන වර්ණයන් සියලුම අවස්ථාවලදී හරියටම වෙන්කර හඳුනාගන්නට හැකි කාන්තාවක් යට කී සාම්පලයෙහි සිටින වග තහවුරු වුණේ පර්යේෂකයන් මවිතයට පත්කරවමිනි. වර්ණ අන්ධතාවයෙන් පෙළෙන පිරිමි අයවළුන්ගේ ගැහැනු ළමයින් සිව් මාදිලියේම කේතු ආකාර සෛල දරන්නේ නම් ටෙට්‍රාක්‍රෝමැට් තත්ත්වයේ පසුවන කෙනෙකු ගැන තතු දැනගැනීම පුවත් මවන තරමේ සිද්ධියක් වන්නේ ඇයි? කියන ගැටලුව පැන නැඟේ. මේ ගැන අදහස් පළකරන පර්යේෂකයන් පවසන්නේ බොහොමයක් ටෙට්‍රාක්‍රෝමැට් තත්ත්වයෙන් පෙළෙන්නන්ට තම ඇසෙහි ඇති සිව්වන කේතු ආකාර සෛල ගොනුව භාවිතයට ගන්නට අවශ්‍යතාවයක් මතු නොවන බවකි. තමන්ට විශේෂ දෘෂ්ටිමය මට්ටමක් පවතින බව තේරුම් ගන්නට ඒ නිසා ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේද නැත.


ඔස්කාර් සම්මානලාභී ෆ්ලෑෂ් ඩාන්ස් ගායිකා අයිරින් කාරා මිය යයි

“ඉන්ඩියානා ජෝන්ස්” සමඟින් හොලිවුඩ් පුරවරයට වික්‍රමාන්විත ගමනක් යං!

Adipurush සහ Pathaan ඇතුළුව බොලිවුඩය කළඹන සිනමා සිත්තම් රැසක් 2023 දී ඔබ හමුවට!

ඔව්.. භූමියට තවමත් පණ තියෙනවා.. අභිෂේකාගේ පැය දෙකෙන් ට්‍රෙන්ඩිං ගිය ගීතයෙන් දිග හැරෙන සමාජ යථාර්තය

පැහැපත් සමට අභියෝග කරන සුරූපිණිය සෑන් රෙචල්

තහනමට ලක් වූ ට්විටර් ගිණුම් දහයක් යළි කරළියට ගෙන ඒමට මස්ක්ගේ සූදානමක්!

ඊලෝන් මස්ක් ට්විටර්හි එකම අධ්‍යක්ෂක වරයා බවට පත් වේ ; වඳුරකු අතට දැලිපිහියක් ලැබී ඇත.

දේශගුණික අර්බුදයේ බලපෑම සුෂි වලටත්

error: Content is protected !!
error: Content is protected !!