×

භාවිතා කරමින් සිටින අතරතුරම ඇන්ඩ්‍රොයිඩ් ඇප් යාවත්කාලීන කිරීමේ හැකියාව නුදුරේදීම.

ඇප් භාවිතා කරමින් සිටින අතරතුරේදීම ඒවා යාවත්කාලීන කිරීමට නව මෘදුකාංග වැඩසටහන් පරිශීලක අතුරු මුහුණතක් (API Application Program Interface)නිර්මානය කෙරෙමින් පවතී.


දැනට පවතින සියලු ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකකම ඇති දුර්වලකමක් යැයි හැදින්විය හැකි කරුණක් නම් ඒවා යාවත්කාලීන කිරීමේදී යාවත්කාලීන කිරීම අවසන් වන තෙක් ඇප් එකෙන් ඉවත් වීමට සිදුවීමයි. නමුත් මේ වන විට ඇප් භාවිතා කරමින් සිටින අතරතුරේදීම ඒවා යාවත්කාලීන කිරීමට නව මෘදුකාංග වැඩසටහන් පරිශීලක අතුරු මුහුණතක් (API Application Program Interface)නිර්මානය කෙරෙමින් පවතී.

ගූගල් විසින් මෙම හදුන්වාදීම පිලිබදව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් මෘදුකාංගයට වසර 10ක් පිරීම නිමිත්තෙන් පැවති සිය වාර්ෂික ඇන්ඩ්‍රොයිඩ් ඩෙව් සම්ම්මුතියේදී නිවේදනය කරන ලදී. මෙම මෘදුකාංග වැඩසටහන් පරිශීලක අතුරු මුහුණතක් (API Application Program Interface) අතිශය ඉක්මනින් යාවත්කාලීන කලයුතු අනාරක්ෂිත පැල්ලම්(critical security patches), ක්‍රියාකාරීත්වය අඩාල කරන දෝශයන්(bugs) මෙහෙයුම් පද්ධතියට හානී වීම අවුරමින් ඉක්මනින් යාවත්කාලීන කිරීමේ හැකියාව සලසා ඇත.

මෙය තවමත් පරීක්ෂන මට්ටමේ පවතින බැවින් මෙය ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග වෙත හදුන්වා දෙන දිනයක් තවමත් නිල වශයෙන් නිවේදනය කරන නොමැත. නමුත් ද වර්ජ් සගරාව පවසන්නේ එය ළගදීම නිවේදනය කෙරෙනු කෙරෙන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි