පඳුරකට ගලක් ගැසූ කල එක වර ඡායාරූපශිල්පීන් (යැයි කියාගන්නා උදවිය) 10ක් 15ක් පමණ විසිවීම අද ඉතා සුලභ කරුණකි.හොද ඡායාරූප ශිල්පියකු හඳුනාගන්නේ කෙසේද? කැමරාවක් අතට ගත් හෝ මිලදී ගත් ක්ෂණයකින් අයෙක් ඡායාරූප ශිල්පියෙක් වන්නේද? හුදෙක් “හොම්බ දිග” කැමරාවක් ඡායාරූප ශිල්පියෙකුට කියන සමාන පදයක්ද?
“ඔහු 20 හැවිරිදි අයෙක්, නම් මයික් යැයි කියමු; ඔහු තම ජංගම දුරකතනයෙන් මල් අතර පියාසර කරන සමනලුන්, පැණි කුරුල්ලන්, මාර්ග සංඥා ආදී ඇසට හසුවෙන එකී මෙකී දේ ඡායාරූපගත කරන්නෙකි. තමන් ගත් ඡායාරූප දෙස බලන කල ඔහුට සිතෙන්නේ තමාටද *දක්ෂ ඡායාරූප ශිල්පියෙක්ගේ නමක්* මෙන් ඡායාරූප ගත හැකි බවයි. *දක්ෂ ඡායාරූප ශිල්පියෙක්ගේ නමක්* වසර ගණනක් පුහුණු වී, වැඩමුලු වලට සහභාගී වී හොද ඡායාරූප ගන්න අයෙක් වන අතර ඔහු එය සිය අර්ධකාලීන රැකියාව ලෙස ඉන් මුදල් උපයන්නෙකි. තමාටද එවන් හැකියාවක් එතයි සිතන මයික් DSLR කැමරාවක්ද මිලදී ගන්නට සිතන්නේ තම ඡායාරූප තවත් “සුපිරි” තත්වයට පත්කරගන්නට සිතාගෙනය. ඉදින් ඔහු ඉහළ මිලකට ඉහළ උසස් තත්වයේ කැමරාවක් මිලදී ගනියි. ඔහු ඉන් ඡායාරූප ගෙන සිය ෆේස්බුක් ගිණුමේ පළ කරයි. ඒ “Photography….My life…..My passion” යන සටහනත් සමගයි. ඡායාරූප බර ගණකින් සමන්විත වෙන මේ ඇල්බමය දකින මයික්ගේ ෆේස්බුක් මිතුරන් දෙතුන් දෙනෙකු “That’s great Mike.. good work” කියා අදහස් දක්වන්නේ හුදෙක් ආචාරශීලී විය යුතු නිසාවෙනි. “ෂා හැමෝම මගේ ෆොටෝ වලට කැමතී..මන් මේක නොමිලේ කරන්න හොද නෑ” කියා පුංචි අධි මානසිකත්වයකට එලබෙයි.
ඉදින් ඔහු කරන්නේ වෘත්තීය ඡායාරූප ශිල්පියකු මෙන් ඡායාරූප ව්‍යාපෘතියක් ඇරබීමයි. වෘත්තීය නිරූපිකාවක්, වෘත්තීය හැඩගන්වන්නෙක්, ඔහුට අවශ්‍ය වෙනත් “වෘත්තීය” දේවල් එකතු කරගෙන ඔහු ව්‍යාපෘතිය අරඹයි. “මෙය අසම සම විය යුතුයි. මෙහි හැගීම් තිබිය යුතුයි, ආකර්ශනීය විය යුතුයි. “ ඉදින් ඔහු තම ව්‍යාපෘතියට ජලය එකතු කර ගනියී. සුන්දරව සූදානම් වූ නිරූපිකාව, ජලබිදු අතරින් ඡායාරූපයට නැගීමට ඔහු සූදානම්;
ඔහු ඡායාරූප ගනියි. විවිධ ඉරියව්, විවිධ හැගීම් සිය උසස් මාදිලියේ කැමරාවට හසු කරගනියි. ඡායාරූප ගැනීම අවසන් ය. ඔහු තමා ගත් ඡායාරූප පිරික්සයි. නමුත් : ආලෝකය අමුතුය. ජල බිදිති බොදවී ඇත, අසමතුලිතය, නිරූපිකාව කෙරෙන් දිස්වන්නේ ලැජ්ජාශීලී බවක් මිස ඔහු බලාපොරොත්තු වූ පෙනුමක් නොවේ, ජල බිදිති වැටී සුන්දරව හැඩ ගැන්වී සිටි නිලූපිකාවගේ ඇස් ආලේපන දියවී ගොසින් ය. කිසිදු සුන්දරත්වයක් දිස්වන්නේ නැත. මේ ඔහු බලාපොරොත්තු වූ ආකාරය නොවේ. නමුත් තවත් බලාපොරොත්තුවක් ඉතිරිය. සියලු ඡායාරූප වලට කළු-සුදු වර්ණ පෙරහන යෙදීමයි. “මන් දක්ෂ ඡායාරූප ශිල්පියෙක්” ඔහු තවමත් එම මානසිකත්වයේමය. “
““හොඳ ඡායාරූපයක්” යනු ඡායාරූප ශිල්පය යටතේ ඇති උදෘත ගණනාවක් සම්පූර්ණ කිරීමකි.” කෙන් වැන් සිකල් තම BBS “Brief But Spectacular” ලිපි මාලාවේ දක්වන්නේ එලෙසින්; “ඡායාරූපයක් ගන්නට ප්‍රථම ඔබ එහි “texture, gesture, composition” යනාදී කරුණු පිලිබද දැනුවත් වී ඒ ගැන අවධානය යොමු කළ යුතුය. හිඩෙන්බර්ගය ගිනිගත් වේලාවේදී ඔබ එහි ඡායාරූපයක් ගත්තේ නම් එය සුපිරි ඡායාරූපයකි, නමුත් ඔබ එයින් පමණක්ම සුපිරි නැතහොත් හොඳ ඡායාරූප ශිල්පියෙක් නොවන්නේය ; මක් නිසාද යත් ඔබ ගන්නා සෑම ඡායාරූපයක් පාහේම එවැනි සුපිරි ගණයට “වදින්නේ” නැති නිසාවෙනි.”
තමා දකින සෑම දෙයක් ම , සිදුවීමක් ම තමාටම ආවේණික කෝණ්‍යකින් දකින්නට ඇති හැකියාව “හොද ඡායාරූප ශිල්පියෙකු” සතු ලක්ෂණයකි. “මගේ ඡායාරූප extreme sharpness මත රදා නොපවතින අතර එය පදනම් වන්නේ එහි සංයුතිය (composition) හා මා ඒ දෙස බලන හා මට එය ගෝචර ආකාරය වන මතයි.
තාක්ෂණයනයට ඡායාරූපයක වෙනස්කම් කළ නොහැක, එමගින් කළ හැක්කේ වැඩි ප්‍රජාවක් අතරට එම ඡායාරූපය යැවීම පමණි.
වදුරෙකුට, අලියෙකුට පින්සලක් දුන් කල චිත්‍ර අදින්නට උන්ටත් පුලුවන. නමුත් පුහුණු නොකළහොත් එය දිගටම කරගෙන් යන්නට ඔවුන්ටද නොපුලුවන.
ඕනෑම කෙනෙක්ට “සුපිරි” ඡායාරූප , ඡායාරූප ගත කරන්නට පුලුවන, නමුත් ඇති ගැටලුව නම් එය දිගටම් පවත්වාගෙන යාමට නොහැකිවීමයි. මක් නිසාද යත් එම ඡායාරූපය ”ගත්” එකක් නොවන අතර එකක් නොවන අතර “වැදුණු” එකක්වන නිසාවෙනි. එය “වැදුනේ “කෙසේ දැයි ඔහු නොදන්නා නිසාවෙනි. ඒ පිලිබද ඉගෙනීමක් අධ්‍යයනයක් අවශය වන්නේ යැයි පවසන්නේ ඒ නිසාවෙනි.
ඔබත් මමත් යම් සිදුවීමක් සුන්දරයි යැයි හැගුනු වන එය ඡායාරූපගත කිරීමට පෙලබෙයි. එහි කිසිදු වැරදක් හෝ උපහාසයට කරුනක් නැත. ඒ ගන්නා ඡායාරූප 100කට 1ක් සුපිරි ගනයේ පැවති පමණින්ම අයෙක් හොද ඡායාරූපශිල්පියකු නොවන අතර ඒ සදහා හොද අධ්‍යයනයක් අනිවාරෙන්ම අවශ්‍ය බව අවබෝධ කරගත යුතුය.
ඡායාරූප: කලිඳු ගුණවර්ධන