BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

වායුගෝලීය දූෂණය නූපන් දරුවන්ටත් වින කටී.

වායු ගෝලයේ ඇති සියම් දැලි අංශු ගර්භනී මව්වරුන්ට ආඝ්‍රාණය වීමෙන් ඔවුන්ගේ කුස තුළ වැඩෙන දරුවන්ට හානික් සිදුවන බව අනාවරණය වේ.

එම සියුම් දුඹුලු, කළලවල වර්ධනයට බාධාක් බැව් පවසන්නේ බ්‍රිතාන්‍යයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකි. ගැබිණි මවක් දීර්ඝ කාලයක් එවැනි අංශු සහිත පරිසරයක සිටියහොත් ඇගේ කුස තුළ වැඩෙන දරුවාට මරණය පවා සිදුවන්නට පුළුවන් බව පැවසේ. සමහර අවස්ථාවලදී දරුවා උපත ලබනු ඇත්තේ අඩු බර සහිතවයැයි කියාද පර්යේෂකයෝ පෙන්වා දෙති. එවැනි තත්ත්වයන් මතුවන්නේ ඇදුම ආදී ශ්වසන රෝගවලට දරුවා බිලිවන නිසයි.

සියුම් දුඹුලුවලට නිරන්තරයෙන්ම නිරාවරණය වන මව්රුන්ගේ වැදෑමහෙහි එකී අංශු තැන්පත්ව තිබෙන බව පර්යේෂකයන්ට දැනගන්නට ලැබී ඇත. මේ අන්දමටම විෂ සහිත සියුම් අංශුවලටත් කළලය වෙත ළඟාවීමට හැකියාවක් පවතින බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

” වායු ගෝලීය දූෂණය කළලවල වර්ධනයට අයහපත් බලපෑම් එල්ල කරන බව අපට දැනගන්න ලැබිලා තිබුණා. කළලවලට ඒ අන්දමට ඇතිවන අයහපත් බලපෑම් දරුවාගේ ජීවිත කාලය තුළම පවතිනවා ද කියන කාරණය ගැනත් සොයා බලා තිබෙනවා. කළලවලට මේ අන්දමේ බලපෑමක් ඇති වන්නේ දූෂ්‍ය අංශු මවගේ පෙනහළු හරහා කළල බන්ධනය දක්වා ගමන් කිරීමෙන්දැයි කියාත් අනාවරණය කරගැනීමටත් අපි උත්සුක වුණා. …” කියා පර්යේෂක ආචාර්ය ලීසා මියෂිටා පවසන්නීය.

ලන්ඩනයේ ජීවත් වන ගැබිණි මව්වරු පස්දෙනෙකුට රාජකීය ලන්ඩන් රෝහලේදී සිදු කෙරුණු සිසේරියන් සැත්කම්වලට සහභාගී වන්නට පර්යේෂකයන්ට අවස්ථාව ලැබී තිබේ. මේ මව්වරු පස්දෙනාම දුම්පානයෙහි නොයෙදුණු අය වූහ. එසේම ඔවුන් සංකූලතා සහිත ගර්භනී අවස්ථාවල පසු නොවූ බවත් කියැවේ. මේ ගැබිණි මවවරුන්ගේ සිසේරියන් සැත්කම් අවසන් වූ පසු ඔවුන්ගේ කළල බන්ධවල ඇති සෛල පරික්ෂා කර බලන්නට පර්යේෂකයන් යොමු වී ඇත. පර්යේෂකයන්ගේ අවධානය වැඩිපුරම යොමු වී තිබෙන්නේ “ප්ලැසෙන්ටල් මැක්‍රෝෆාජස්” (placental macrophages) නමින් හැඳින්වෙන සෛල වෙතය. එකී සෛලවල කෘත්‍ය, කුස තුළ වැඩෙන දරුවා බැක්ටීරියා සහ දූෂ්‍ය අංශුවලින් ආරක්ෂා කිරීමයි. “ප්ලැසෙන්ටල් මැක්‍රෝෆාජස්” නමැති සෛල එම ආරක්ෂාව ලබා දෙන්නේ බැක්ටීරියා සහ දූෂ්‍ය අංශු ගිල දමමිනි.

පර්යේෂකයන්, “ප්ලැසෙන්ටල් මැක්‍රෝෆාජස්” සෛල 3500කට අධික සංඛ්‍යාවක් අධි බලැති අන්වීක්ෂ භාවිතයෙන් නිරීක්ෂණය කර ඇත. සෛල 60ක් අතර කළු පැහැති කුඩා ප්‍රදේශ 72ක් පවතින බව පර්යේෂකයන්ට වරක් පෙනී ගොස් ඇත. එම කළු පැහැ ප්‍රදේශවල අඩංගු ද්‍රව්‍ය මොනවාදැයි කියා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ භාවිතයෙන් විවරණය කරගන්නට ඔවුන් නැඹුරු වී තිබේ. කාබන් අංශු එම කළු පැහැ ප්‍රදේශවල අඩංගු බව අනාවරණය වී ඇත. සෑම කළල බන්ධයකම වර්ග මයික්‍රෝමීටර 5ක පමණ ප්‍රදේශයක් පුරා මෙවැනි අංශු පැවැති බව පර්යේෂකයෝ සඳහන් කරති.
පර්යේෂක ආචාර්ය නොරිසී ලියු ඒ ගැන පවසන්නේ මෙවැන්නකි.

“… මවට ආඝ්‍රාණය වන දූෂ්‍ය අංශු ඇගේ පෙනහලුවලින් රුධිර සංසරණ පද්ධතියට ළඟා වන බව අපට තහවුරු වුණා. රුධිර සංසරණයත් සමඟ ඒවා කළල බන්ධය තුළටත් එනවා. …” යනුවෙනි.

මේ අනුව ගැබිණි මව්වරුන්ට වායු ගෝලීය දූෂණයෙන් ආරක්ෂා වී සිටින්නටත් දැන් සිදුව ඇත.


දකුණු කැරොලිනාවට සුළි කුණාටු , ෆ්ලොරිඩාවට ගංවතුර; ආපදාවට පත් ඇමරිකාව

නෝරු සුළි කුණාටුවේ බලපෑම පිලිපීනයට

ඉන්දියාවේ අධික වර්ෂාව හා අකුණු සැර වරදීම් හේතුවෙන් පසුගිය පැය 24තුළ මිය ගිය සංඛ්‍යාව 36 දක්වා ඉහළට

ලොව පුරා ස්ථාන 450 ක ගෝලීය දේශගුණ වැඩ වර්ජනයක්

පාකිස්ථානය වෙනුවෙන් ආධාර සැපයීමට බයිඩන් ලෝක නායකයන්ගේ සහය අපේක්ෂා කෙරේ

නන්මඩෝල් ජපානයට පෙර නොවූ විරූ ආපදාවන් ඇති කරයි.

සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ජපානය

තායිවානයේ රිච්ටර් මාපකාංක 6.4 ක භූමිකම්පාවක්

error: Content is protected !!
error: Content is protected !!