×

සත්ත්ව සර්කස් නවත්වනු: පෘතුගාල පාර්ලිමේන්තුව;

මෙය 2024 සිට ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට එරට රජය තීරණය කොටඇත.


සිය රට තුළ සර්කස් සදහා සතුන් භාවිතා කිරීම තහනම් කිරීමට පෘතුගාල පාර්ලිමේන්තුව විසින් පනතක් ගෙනැවිත් ඇත. මෙයට අනුව සිංහයන්, පෙන්ග්වීන් කුරුල්ලන්, අලි ඇතුන්, රයිනෝවන්, පැස්බරාවන් හා ඔටුවන් ඇතුලු සත්ව විශේෂ 40ක් පමණ සර්කස් සදහා දායක කරගැනීම තහනම් කිරීමට නියමිතය. මෙය 2024 සිට ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට එරට රජය තීරණය කොටඇත.

“වන සතුන්ව සර්කස් වලින් ඉවත් කළ යුතුයි. සතුන්ට හින්සා නොකර සතුටු වෙන්න මිනිසුන් දැනගත යුතුයි.” පෘතුගාලයේ සත්ව ආරක්ෂක සමුළුවේ උප සභාපතිනී බියන්කා සන්තෝස් ප්‍රකාශ කර සිටියි.

මෙම පනත නීති සම්පාදකයන්ගේ මෙන්ම ජනතාවගේ මහත් ප්‍රශංසාවට ලක්ව ඇත. එරට PAN පක්ෂයේ සාමාජික අන්ඩ්‍රේ සිල්වා පවසා සිටින්නේ පාර්ලිමේන්තුව විසින් සතුන් පිලිබද නීති රීතී අවසානයේදී හෝ තර කිරීමට තීරණය කිරීම සතුටට කරුණක් බවයි.

ඉදිරි මාස 6 ඇතුළත තම සර්සස් වල සිටින සියලු වන සතුන් ඇතුලත් ලැයිස්තුවක් රජයට ඉදිරිපත් කළ යුතුය. එවිට රජය විසින් සර්කස් සදහා එම සතුන් යොදා ගැනීමට වසර හයක් හා මාස 6ක කලයක් දක්වා සීමා කළ බලපත්‍රයක් ලබා දෙනු ඇත. ඉන් පසු සියලුම වනසතුන්ව රජයට භාර දිය යුතු අතර ඉදින් ඔවුන්ව පෘතුගාලය තුළ හා වෙනත් රටවල ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි