×

ඇමරිකානු-මෙක්සිකානු සීමාවේ සංක්‍රමණික දරුවන් ගේ ඉහළ යාමක්

2021 ආරම්භයේ සිට මෙක්සිකෝවෙන් එක්සත් ජනපදයට යාමට උත්සාහ කරන සංක්‍රමණික දරුවන්ගේ සංඛ්‍යාව පවතින සංඛ්‍යාවට වඩා නව ගුණයකින් වැඩි වී ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වන යුනිසෙෆ් පවසයි.


එය සංඛ්‍යාත්මකව 380 සිට 3,500 දක්වා ඉහළ යාමකි.

ළමයින් ප්‍රධාන වශයෙන් හොන්ඩුරාස්, ග්වාතමාලාව, එල් සැල්වදෝරය සහ මෙක්සිකෝවෙන් ය.

ඉන් අඩක් දෙමව්පියන් නොමැතිව පැමිණි ඇත.

“මෙක්සිකෝවේ සංක්‍රමණික දරුවන්ගේ සහ මව්වරුන්ගේ ජීවන තත්ත්වය ඉතා ඉක්මනින් පිරිහී යනු ඇත. ඒ පිළිබඳව අපි දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිමු” යනුවෙන් යුනිසෙෆ් හි ලතින් ඇමරිකාව සහ කැරිබියන් කලාපීය අධ්‍යක්ෂ ජීන් ගොග් පැවසීය.

කෙසේ වෙතත්, මෙක්සිකානු රජය මෑතකදී සංක්‍රමණිකයන් මැඩපැවැත්වීම සඳහා සිය දකුණු දේශ සීමාවට හමුදා යවා ඇති අතර, තවත් බොහෝ තරුණ තරුණියන් සහ සංක්‍රමණිකයන්ගේ පවුල් ඉදිරි සතිවලදී රඳවා එරටදි ගනු ඇතැයි අපේක්ෂිතය. (bbc වෙතින්)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි