×

ඇමරිකාවට ‘‘බූස්ටර් බොනැන්සා“ – වයස 18 ට වැඩි සියලු දෙනාට බූස්ටරය

කෝවිඩ්-19 බූස්ටර, වයස 18 න් ඉහළ සියලු දෙනාට ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදය සිකුරාදා සිට ආරම්භ කළේය.


මීට පෙර තීරණය වී තිබුණේ වයස 65 ට වැඩි අයට, ප්‍රතිශක්තිකරණයේ විවිධ ගැටලු ඇති නිදන්ගත රෝගාබාධවලින් පෙළෙන අයට සහ අධි අවදානම් රැකියාවන්ගේ නිරත වන අයට පමණක් මෙම බූස්ටරය ලබාදෙන්නට ය.

නවතම තත්වය අනුව වයස 18 ට වැඩි අයට ලබාදෙන්නේ ෆයිසර් (Pfizer)සහ මොඩර්නා (Moderna) කෝවිඩ් එන්නත් ය.

ලෝකයේ වැඩිම කෝවිඩ් මරණ ගණන වන 769,000 වන වාර්තා වූ ඇමරිකා එක්සත් ජනපදය ශීත සෘතුව වෙත එළඹෙමින් තිබෙන අවස්ථාවක් නිසා මෙසේ බූස්ටරය ද ලබාදීම අනිවාර්ය බව ඇමරිකානු බලධාරීන්ගේ මතයයි.

ඒ අනුව ‘හදිසි භාවිතය සඳහා අනුමැතියක්‘ FDA වෙතින් මෙයට ලබා දී ඇත.

බූස්ටරය සඳහාත් සායනික පරීක්ෂා

ෆයිසර් සමාගම වයස 16 ට වැඩි 10,000 ක් දෙනා යොදාගෙන බූස්ටරය සම්බන්ධයෙන් වෙනම සායනික පරීක්ෂා සිදුකර තිබේ. එහිදී බූස්ටරය ලබානොගත් අයට වඩා බුස්ටරය ලබාගත් අයගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය 95%කින් ඉහළ යන බව සොයාගැනිණි.

මීට පෙර ද ෆයිසර් සමාගම පෙන්වා දී තිබුණේ ෆයිසර් වැක්සිනයෙන් නිසි ප්‍රතිඵල ලබාගැනීමට නම් වැක්සින් 3 ක් ලබාගත යුතු බවයි. බූස්ටරය අනුමත කිරීම මගින් මේ කරුණ ද තවදුරටත් සනාථ වීමක් සිදු වේ.

පළමු හා දෙවන වැක්සින් මාත්‍රා දෙක ලබාගෙන මාස 6 ක් ඉක්ම ගිය පසුව බූස්ටරය ලබාදීමට ද නිර්දේශ කර තිබේ.

තවද ෆයිසර් බූස්ටරය ලබාගන්නේ නම් එය ලබාගත යුත්තේ මීට පෙර ලබාගත් මයික්‍රොග්‍රෑම් 30 තීව්‍රතාවයකිනි. මොඩර්නා බූස්ටරය ලබාගන්නේ නම් මොඩර්නා පෙර එන්නත්වල අඩංගුව තිබූ මයික්‍රොග්‍රෑම් 100 කින් අඩක් වන මයික්‍රොග්‍රෑම් 50 ක් ලබාගත යුතුය.

Johnson & Johnson තනි මාත්‍රා එන්නත ලබාගත් අය ට මාස 2 කින් පසුව බූස්ටරය ලබාගත හැක.

‘‘බූස්ටර් බොනැන්සා“

කෙසේ නමුත් මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය තුළ දෛනිකව නව ආසාදන 88,000 බැගින් වාර්තා වන්නේත්, දිනකට තවමත් දහසකට වැඩි පිරිසක් මිය යන්නේත් එක් එන්නතක් හෝ ලබානොගත් ජනතාව ය.

ඒ අනුව එන්නත්කරණය සම්පූර්ණ කළ අයට බූස්ටරයක් ද ලබාදීමේ තීරණය ‘බූස්ටර් බොනැන්සා‘වක් ලබාදීමක් ලෙස විවේචනය ට ලක් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි