×

ඉන්දියාවෙන් අලුත් කොවිඩ් ප්‍රභේදයක්!

ඉන්දියාවෙන් අලුත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. මෙය ද්විත්ව විකෘති කොරෝනා ප්‍රභේදයක් ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ.


මීට පෙර බ්‍රිතාන්‍යයෙන්, දකුණු අප්‍රිකාවෙන් සහ බ්‍රසීලයෙන් හඳුනා ගත් වෛරස ප්‍රභේද ආසාදනය වූ පුද්ගලයන් රැසක් ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. එම වෛරස හා මිශ්‍රවීමෙන් නව වෛරස ප්‍රභේදය නිර්මාණය වී තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රාන්ත 18 කින් ලබාගත් සාම්පල පිළිබඳව පර්යේෂණ සිදු කිරීමෙන් මෙම නව ප්‍රභේදය හඳුනාගෙන තිබේ.

ඊයේ දිනයේදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයන් 47,262 ක් වාර්තා වී තිබේ. මේ වනවිට ඉන්දියාව තුළ ආසාදිතයන් වාර්තා වීම දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි