×

ඉන්දීය – චීන දේශසීමාවේ වෙඩිතැබීමක්

දේශසීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස තම භූමියට පැමිණ, මුර සංචාරයේ යෙදෙමින් සිටි භට කණ්ඩායමකට ඉන්දීය භටයින් විසින් අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවට චීනය චෝදනා කරයි. 


දේශසීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස තම භූමියට පැමිණ, මුර සංචාරයේ යෙදෙමින් සිටි භට කණ්ඩායමකට ඉන්දීය භටයින් විසින් අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවට චීනය චෝදනා කරයි. ඊට ප්‍රතිචාර දැක්වීමට චීන භටයින් ක්‍රියාකළ බව චීන හමුදා ප්‍රකාශකයෙක් පැවසීය. ඔවුන් කළේ කුමක්ද යන්න ඔහු පවසා නැත.

පසුගිය සති දෙක තුළ දෙවරක් චීන හමුදා ලඩාක්හි පෑන්ගොං විල අසල කලහාකාරී ලෙස හැසිරුනු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය සොල්දාදුවන් වෙඩි ප්‍රහාරය එල්ල කිරීමත් සමග චීනයේ ඒකපාර්ශවිකත්වය වැළැක්වීමට ඉන්දියාවට හැකිවූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.චීන හමුදාවන්හි ක්‍රියාවන්ගෙන් පසු ඉන්දීය හමුදා ප්‍රහාරය එල්ල කළ කර ඇති බව පෑන්ගොං විල අසල ඉන්දීය හමුදා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පල කරමින් චීනය ප්‍රකාශ කළේය.

පසුගිය මාස කිහිපය තුළදී දෙරට අතර ඇති සබඳතා ක්‍රමයෙන් පිරිහෙනු දැකිය හැකි වූ බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

ප්‍රහාරයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් ගැනීමට චීන දේශසීමා ආරක්ෂකයින්ට බල කරන බව ද මහජන විමුක්ති හමුදාවේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ. හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඉන්දීය ප්‍රහාරය කුමක් සදහා වූ ප්‍රතිප්‍රහාරයක්ද යන්න තවමත් නිශ්චිතව හඳුනා ගත නොහැකි වූ බවයි. ඉන්දීය හමුදා, දේශ සීමාවන් උල්ලංඝණය කොට පෑන්ගොං විලේ දකුණු ඉවුරට සහ ෂෙන්පාවෝ කඳුකර ප්‍රදේශයට ඇතුළු වී ඇති බව මහජන විමුක්ති හමුදාවේ ප්‍රකාශකයා සඳහන් කළේය.

ඉන්දීය සෙබළුන් එල්ල කළ ප්‍රහාරය බරපතල ප්‍රහාරයක් බව පවසමින් චීනය, මෙවැනි ප්‍රකෝපකාරී ක්‍රියාවන්ගෙන් වළකින ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි