×

ඔක්තෝබර් 13 – දවසේ වැදගත්කම

ලෝක සිතියමේ අද වැනි දවසක...


අද, 2020 ඔක්තොම්බර් 13 වැනිදා යි.

  • අද දිනය ස්වභාවික විපත් අවම කර ගැනීමේ ජාත්‍යන්තර දිනය අද යි.
  • ඕස්ට්‍රේලියානු ජාතික, පදක්කම්ලාභී පිහිනුම් ක්‍රීඩක ඉයන් තෝප් ගේ උපන් දිනය යි.

1884 – ලන්ඩනයේ ග්‍රිනිච්හි වේලාව ඒකීය මධ්‍යහ්න වේලාව ලෙස සකසයි.

ග්‍රිනිච් මධ්‍යයන රේඛාව

1892 – ඡායාරූප හරහා සොයා ගන්නා ලද ප්‍රථම ධූම කේතුව එඩ්වර්ඩ් එමර්සන් බර්නාර්ඩ් විසින් සොයා ගනු ලබයි.

1908 – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සිය හඬ නැංවූ පළමු කාන්තාව බවට මාගරට් ට්‍රැවර්ස් සයිමන්ස් පත්වෙයි. ස්ත්‍රීන්ට ඡන්දබලය ලබාගැනීමට සටන් කළ තැනැත්නියක වන ඇය ඇගේ ආරක්ෂකයා ගෙන් මිදී පාර්ලිමේන්තුවට පැමිණ “කාන්තා ප්‍රශ්න කතා කරන්නැ”යි හඬ නැගුවා ය. ඇගේ දේශපාලන ගමන නතර වූයේ ‘අයෝමය කාන්තාව‘ වශයෙන් බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට පත් වීමෙනි.

1923 – අන්කාරා නගරය තුර්කියේ අගනුවර බවට පත් වෙයි.

1943 – දෙවැනි ලෝක යුද්ධයේදී ඉතාලිය ජර්මනියට විරුද්ධව යුධ ප්‍රකාශ කරයි.

1976 – ඉබෝලා වෛරසයේ ප්‍රථම ඉලෙක්ට්‍රෝන මයික්‍රොග්‍රාප් සූක්ෂම රේඛණය එක්සත් ජනපදයේ රෝග මර්දන සහ වළක්වාගැනිමේ මධ්‍යස්ථානයේ දී වෛද්‍ය F. A. මර්ෆි විසින් ලබා ගනු ලබයි.

2010 – චිලී හි කොපියාපෝ පතලේ සිද්ධිය – වාර්තාගත දින 69ක් පතලේ සිර ව සිටි පතල්කරුවෝ තිස්තුන් දෙනෙක් නිරුපද්‍රිත ව පොළොව මතට ගෙන එනු ලබති.

 

2019 – සිමොන් බයිල්ස් ලොව වැඩි ම සම්භාවනාවට පත් ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට පත්වෙයි. මේ ඈ වාර්තාගත 25 වැනි පදක්කම ද ජර්මනියේ ස්ටට්ගාට්හි පැවැති ලෝක සූරතාවලියේ දි ජයග්‍රහණය කිරීමෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි