×

ඔක්තෝබර් 28 – දවසේ වැදගත්කම

අද වැනි දවසක ලෝක සිතියම වෙතට එබී බලමු


ජාත්‍යන්තර ඇනිමේෂන් දිනය අද යි. (International animation day)

ලොව සිටිනා ධනවත් ම ව්‍යාපාරිකයකු, මයික්‍රොසොෆ්ට් සමාගමේ හිමිකරු මෙන් ම ප්‍රකට දානපතියකු ද වන බිල් ගේට්ස් ගේ සහ අනූව දශකයේ ඉහළ ම ආදායමක් ඉපයූ නිළියන් අතර මුල් තැන සිටින ජනප්‍රිය නිළි ජූලියා රොබර්ට්ස් ගේ උපන් දිනය අද යි. බිල් ගේට්ස් අද දිනයේ සිය 65 වැනි උපන් දිනය සමරන අතර, ජුලියා රොබට්ස් සමරන්නේ සිය 53 වැනි උපන් දිනයයි.

බිල් ගේට්ස් අද 65 වැනි විය සපුරයි

 

අද 53 විය සපුරන ජුලියා රොබට්ස්, සදාකාලික තාරුණ්‍යෙය් සංකේතයක් ලෙස සැලකේ.

1636 – හාවඩ් සරසවිය ඉපදෙයි

1636 – පසුකාලීනව හාවර්ඩ් විශ්වවිද්‍යාලය බවට පරිවර්තනය වන ‘දේවධර්මය පිළිබඳ සරසවිය‘ පිහිටුවනු ලබයි. හාවර්ඩ් සරසවිය බරාක් ඔබාමා ඇතුළු ලෝකයේ හැඩය වෙනස් කළ සුප්‍රකට චරිත ගණනාවකගේ උසස් අධ්‍යාපන ජීවිතයේ මුල් ගල බවට පත් විය.

හාවඩ් සරසවිය

1726- ගලිවර්ගේ චාරිකා ලියැවෙයි

1726 – ඇන්ග්ලෝ-අයර්ලන්ත ජාතික ජොනතන් ස්විෆ්ට් තම Travels into Several Remote Nations of the World කෘතිය ප්‍රකාශයට පත් කරයි. පසු කාලීනව ගලිවර් ගේ චාරිකා (Gulliver’s Travels) යන නමින් ලෝක ප්‍රසිද්ධියට පත් වූයේ මෙම කෘතිය යි. ගලිවර් සහ ලිලිපුට්ටන්ගේ වීරක්‍රියා ලංකාවේ ද අතිශය ජනප්‍රිය ළමා සාහිත්‍ය සංරචකයකි. ඉංග්‍රිසි සාහිත්‍යයේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙන මෙය ප්‍රබන්ධ නවකතාවේ පූර්වාකෘතිය සැපයූයේය.

1886 – නිදහසේ ප්‍රතිමාව – ලිබර්ටි ඇමරිකාවට

1886 – එක්සත් ජනපද ජනාධිපති ග්‍රෝවර් ක්ලේව්ලන්ඩ් නිල වශයෙන් නිදහසේ ප්‍රතිමාව (The statue of liberty) පිළිගනියි. මෙය ප්‍රංශය විසින් එක්සත් ජනපදය වෙත ලබා දුන් තිළිණයකි. නිව්යෝක් නුවර, නිව්යෝක් වරායේ ලිබර්ටි දූපතේ ස්ථාපනය කර ඇති මෙම ප්‍රතිමාව, ඇමරිකාවේ සංකේතය ලෙස සැලකෙයි. අඩි 93 ක් උසැති මෙම ප්‍රතිමාව Frédéric Auguste Bartholdi නිර්මාණ ශිල්පියාගේ නිමැයුමකි.

1918 – චෙක් බිහිවෙයි

1918 – තෝමස් මසරික්, එඩ්වර්ඩ් බෙනෙස් (Tomáš Masaryk, Edvard Beneš) සහ තවත් නායකයෝ එකතු ව ස්වාධීන චෙකොස්ලෝවැකියානු රාජ්‍යයේ පිහිටුවීම නිවේදනය කරති. මෙය පසුකාලීනව චෙක් ජනරජය ලෙස හැඳින්විණ.

චෙක් ජනරජයේ ප්‍රාග් අගනුවර

1928 – ඉන්දුනීසියාවේ වර්තමාන ජාතික ගීය වන “ඉන්දුනීසියා රායා” ගීතය ප්‍රථම වරට දෙවැනි ඉන්දුනීසියානු තරුණ කොන්ග්‍රසයේ දී ගායනා කරනු ලබයි.

1962 – කියුබානු මිසයිල අර්බුදයේ අවසානය

1962 – සෝවියට් දේශයේ අගමැති නිකිතා කෘෂේව් එක්සත් ජනපදයේ දැඩි ඉල්ලීම් හේතුවෙන් කියුබාවට න්‍යෂ්ටික මිසයිල සැපයීම නතර කරයි. එවකට ඇමරිකාවේ නායකයා වූයේ ජෝන් එෆ්. කෙනඩි ය. මෙය කියුබානු මිසයිල අර්බුදයේ අවසානය සනිටුහන් කරයි.

නිකිතා කෘෂෙව්

1971 – මහා බ්‍රිතාන්‍යයේ ප්‍රථම චන්ද්‍රිකාව

1971 – මහා බ්‍රිතාන්‍යය එහි ප්‍රථම චන්ද්‍රිකාව වන ‘ප්‍රොස්පෙරෝ -1‘ ගුවන්ගත කරයි. X-3 යනුවෙන් ද හැඳින්වු්ණු එය, සැහැල්ලු චන්ද්‍රිකාවක් විය. එය ගුවන් ගත කිරීමේ අරමුණ වූයේ අජටාකාශයේ පරිසරය සන්නිවේදන චන්ද්‍රිකාවලට බලපාන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමයි. බ්‍රිතාන්‍ය රොකට්ටුවක් මගින් ගුවන් ගත කළ පළමු චන්ද්‍රිකාව පොස්පෙරෝ -1 වූවත්, එය බ්‍රිතාන්‍යය විසින් ගුවන් ගත කළ පළමු චන්ද්‍රිකාව නොවේ. Ariel 1 නමැති බ්‍රිතාන්‍ය චන්ද්‍රිකාව, 1962 වසරේදී ඔවුන් පෘථිවි කක්ෂයට යවා කක්ෂගත කළේ ඇමරිකානු රොකට්ටුවක ආධාරයෙනි.

ප්‍රොස්පෙරෝ -1

2007 – ආජන්ටීනියානු නීතිඥවරියක සග දේශපාලකයකු ද වන ක්‍රිස්ටිනා ෆර්නැන්ඩෙස් ද කර්ච්නර් (Cristina Fernández de Kirchner) එරට තෝරා පත් කර ගත් පළමු ජනාධිපතිනිය බවට පත් වෙයි.CFK යන කෙටි නමින් ප්‍රචලිත වූ ඈ, 2007 සිට 2015 අතර කාලයේදී ආර්ජන්ටිනාවේ ජනපති ධුරය හෙබවූ අතර, 2019 වසර දක්වාම උප ජනපතිනිය ලෙස ද සේවය කළාය. ඇගේ සැමියා වන නේස්ටර් කර්ච්නර් ද ආර්ජන්ටිනාවේ හිටපු ජනපතිවරයෙකි.

ක්‍රිස්ටිනා හර්නැන්ඩස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි