×

කිලෝග්‍රෑමයට නව අර්ථකථනයක් වෙනුවෙන් විද්‍යාඥයින් ඡන්දය දෙයි.

1889 සිට කිලෝග්‍රෑමයේ ජාත්‍යන්තර දර්ශීය අර්ථකථනය වූයේ එක්තරා තෝරාගත් ප්‍රමාණයක ප්ලැටිනම් ඉරිඩියම් කැබැල්ලකි. එය ප්‍රංශයේ සව්‍රස් හී පිහිටි මිනුම් හා ස්කන්ධ පිලිබද ජාත්‍යන්තර බෘරේරුවේ තැන්පත් කර තිබේ. මෙම සිලින්ඩරාකාර ලෝහ ස්කන්ධය බිග් කේ නම් වන අතර එහි ආකෘතීන් කිහිපයක් ලොව සිථන කිහිපයකම තැන්පත් කොට තිබේ. මෙසේ තැන්පත් කිරීමේ බලාපොරොත්තුව නම් ලෝබ ආර්ථිකය නිවැරදි හා සුමට […]


1889 සිට කිලෝග්‍රෑමයේ ජාත්‍යන්තර දර්ශීය අර්ථකථනය වූයේ එක්තරා තෝරාගත් ප්‍රමාණයක ප්ලැටිනම් ඉරිඩියම් කැබැල්ලකි. එය ප්‍රංශයේ සව්‍රස් හී පිහිටි මිනුම් හා ස්කන්ධ පිලිබද ජාත්‍යන්තර බෘරේරුවේ තැන්පත් කර තිබේ. මෙම සිලින්ඩරාකාර ලෝහ ස්කන්ධය බිග් කේ නම් වන අතර එහි ආකෘතීන් කිහිපයක් ලොව සිථන කිහිපයකම තැන්පත් කොට තිබේ. මෙසේ තැන්පත් කිරීමේ බලාපොරොත්තුව නම් ලෝබ ආර්ථිකය නිවැරදි හා සුමට ලෙස පවත්වාගෙන යාමයි.

නමුත් මෙම ක්‍රියාවලියේ ප්‍රධාන දෝශයක් ඇත. කාලයත් සමග බිග් කේ හී බර වෙනස් වේ, උදාහරණයක් ලෙස නිර්මාණයේදී එහි මයික්‍රෝග්‍රෑම් 50ක් අඩු ව ඇත, එනම් ඇහි පිහාටුවක ස්කන්ධයයි. නමුත් මෙසේ බරෙහි විචලනයන් සිදු වුවද කිලෝග්‍රෑමයේ අර්ථකථනයේ වෙනසක් සිදු නොවේ. මේ සිදුවීම ඉතා කුඩා මිනුම් භාවිතාකරන පරීක්ෂණ කටයුතු වලදී විශාල ගැටලුවක් වේ.

පසුගිය සදුදා උදෑසන වර්සයිලෙස් හී ස්කන්ධ හා මිනුම් සම්බන්ධ සමුලුවේ විද්‍යාඥයින් කිලෝග්‍රෑමයේ අර්ථ දැක්වීම වෙනස් වියයුතු බවට ප්‍රකාශ කරන ලදී. පෘථිවියේදී මැන්නද පෘථිවියේ සිය ආලෝක වර්ශ ගනනාවක් එපිට සිය මැන්නද වෙනස් නොවන නියතයක් වෙනුවෙන් ඔවුන් සිය ඡන්දය ප්‍රකාශ කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි