×

ගඩාෆි මරා දමා වසර 9 යි – ලෝක සිතියමේ ඔක්තෝබර් 20

අද, ඔක්තොම්බර් 20 වැනිදා යි


  • ලෝක ඔස්ටියෝපොරෝසිස් දිනය සහ ලෝක සංඛ්‍යාන විද්‍යා දිනය අද යි.

1904 – චිලී රාජ්‍යය සහ බොලීවියාව සාමයේ සහ මිත්‍රත්වයේ ගිවිසුමක් (Treaty of Peace and Friendship (1904)) අත්සන් කරති. මේ හරහා මෙම රටවල දේශසීමා නීර්ණය විය.

චිලී-බොලීවියා දේශ සීමාව

1935 – Long March යන නමින් හැදින්වෙන චීන කමියුනිස්ට් පාක්ශිකයන් ගේ මහා පෙළපාළිය අවසන් වේ. මෙය සිදුවන අතරතුර කමියුනිස්ට් නායක මාවෝ සේතුං ප්‍රමුඛ නායකයෙක් වශයෙන් ඉස්මතු වෙයි.

1941 – දෙවැනි ලෝක යුද්ධය: බොලීවියාවේ සිවිල් වැසියන් දහස් ගණනක් ජර්මනිය විසි මරා දමනු ලැබෙයි. මේ සමය වන විට ජර්මනියේ ගෙස්ටෙපා පොලිසිය ද බොලිවියාව තුළ නාසි මෙහෙයුම් සඳහා පැමිණ තිබූ බව කියැවේ.

1952 – කෙන්යාවේ ආණ්ඩුකාරවරයා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ‘මාවු මාවු නැගීසිටීම‘ට (The Mau Mau uprising) නායකත්වය දුන් පිරිස් සිය ගණනින් අත්අඩංගුවට ගනියි. ඒ වන විට කෙන්යාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයකි.

1955 – ජේ. ආර්. ආර්. ටෝල්කීන් ලියන ලද The Lord of the Rings කතා මාලාවේ අවසාන ග්‍රන්ථය වන The Return of the King ප්‍රකාශයට පත්වෙයි.

1961 – සෝවියට් දේශය එහි ප්‍රථම ආයුධ සන්නද්ධ සබ්මැරීන හරහා නිකුත්වන ප්‍රක්ශේප මිසයිලය අත්හදා බලයි.

1973 – ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් රඟමඩල දෙවැනි එලිසබෙත් රැජින විසින් විවෘත කරනු ලබයි.

 

ගඩාෆි මරා දමා වසර 9 යි

2011 – ලිබියානු විප්ලවකාරි සහ ඒකාධිපති නායක කර්නල් මුවම්මර් ගඩාෆි මරා දැමෙයි. ටියුනීසියාව කේන්ද්‍රකරගෙන හටගත් ‘අරාබි වසන්තය‘ සියලු අරාබි රටවල පැතිර යාම තුළින් දීර්ඝ කාලයක් බලයේ සිටි ඒකාධිපති පාලකයන්ට විරුද්ධව ජනතාව කලහකාරී ලෙස නැගී සිටි අතර, ලිබියාවේදී ද සිදුවූයේ එය ය. අවසානයේ කලහකාරීන් විසින් ඔහුව අතිශය අමානුෂික ලෙස මහපාරේදීම පහර දී, වෙඩි තබා ඝාතනය කෙරිණි.

 

පෙර කොටස් සියල්ල කියවන්න..

එදා

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි