×

පිලිපීනයේ ජනාධිපතිවරණය

පිලිපීනයේ ජනාධිපතිවරණ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී ඇති අතර, මිලියන ගණනක් වැසියන් සිය රටේ ඉදිරි නායකත්වය තෝරාගැනීම සඳහා ඉහල උනන්දුවකින් ඡන්දය සඳහා පෝලමිව්ල රැඳි සිටින අයුරු විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


ජනාධිපති ධූරය දිනා ගැනීමට මේ වන විටත් ඉහල ප්‍රතිචාර හිටපු ඒකාධිපතියාගේ ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ගේ පුත් Bongbong Marcos ඉදිරියෙන් සිටි.

ජනමත විමසුම්වලින් පෙනී යන්නේ ඔහු අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට නියමිත බවයි.ඒ අනුව වසර 36 කට පෙර පෙරළා දැමූ මාකෝස් පවුල් වංශයට නැවත බලයට ඒමය නියමිත බවයි.

ඔහුගේ සමීපතම ප්‍රතිවාදියා වන්නේ 2016 වසරේ උප ජනාධිපති ලෙනී රොබ්‍රෙඩෝ ය. 2016 දී, Bongbong උප ජනාධිපති තනතුරට තරඟ කළ නමුත්, ඔහු පරාජය විය.රටේ සුදුසුකම් ලත් මිලියන 67 ක ඡන්දදායකයන්ගෙන් ඉහළ ඡන්දය ප්‍රකාශ කිරීමක් අපේක්ෂා කෙරේ.

බොහෝ දෙනෙක් අද සඳුදා උදෑසන සිට පාසල් සහ ප්‍රජා මධ්‍යස්ථානවල ඉදිකල ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමට පෙළ ගැසී සිටිති.

එහෙත් දැනටමත් ඡන්ද විමසීම්වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ගැටළු පිළිබඳව වාර්තා වී ඇති බව එරට ප්‍රාදේශීය මාධ්‍ය සඳහන් කරයි.

එරට මින්ඩනාඕ කලාපයේ, පසුගිය ඉරිදා ඡන්ද මධ්‍යස්ථානයකින් පිටත අත්බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇත. ජයග්‍රාකයාට වසර හයක නිල කාලය අවසන් වන එරට ප්‍රබල නායකයා වන රොඩ්‍රිගෝ ඩුටර්ටේගෙන් බලය හිමි වේ.

1986 දී මහජන බල විප්ලවය විසින් මාර්කෝස් බලයෙන් ඉවත් කිරීමට සිදු වූ අතර ඔහු පසුව මිය ගියේය. ඔවුන්ගේ පවුල් 1990 ගනන්වල පිටුවහල් කිරීමෙන් පසු මෑත නැවත පැමිණ බොංබොංගේ දේශපාලන අඩිතාලම ගොඩනගන්නට විය.

ඩොලර් බිලියන 10 ක මහජන මුදල් කොල්ල කෑ බවට මාර්කොස් පවුලට ඇති චෝදනාවයි.මාකෝස්ගේ පාලනය වසර 21 ක් එරට පැවතුනි.

බොංබොංගේ ප්‍රතිවාදියා වන Robredo මානව හිමිකම් නීතීඥවරියක් සහ ලිබරල් නීති සම්පාදිකාවක් වන අතර ඇය ඩුටර්ටේගේ මත්ද්‍රව්‍ය ප්‍රචණ්ඩත්වයට මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාවයට එරෙහිව එරට අඛණ්ඩව ව්‍යාපාර මෙහෙයවා ඇත.

එරට ප්‍රකට බොක්සිං ශූරයෙකු වන Manny Pacquiao සහ මැනිලා නගරයේ නගරාධිපති Isko Moreno ද ජනාධිපතිවරණයට තරඟ කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි