×

‘බ්‍රෑන්ඩඩ්‘ වීමේ කතාව

Gucci සිය සන්නාමය පාරිභෝගික මතකයේ සුවිශේෂී තැනක රඳවන්නේ එක රැයකින් නොවෙයි.


නොදැනුවත්ව වුණත් අපි පාරිභෝගික ධනවාදයේ උගුලට හසු වී අවසන්. එතනදී අපි ජීවත් වෙන්නේ අපිට ඕන විදිහට නෙවෙයි, අනෙකාට ඕන විදිහට. කන්නේ බොන්නේ, අඳින්නේ පළඳින්නේ වගේම හිතන්නෙත් අනෙකා මූලික කරගෙන. Branded වීම වැදගත් වෙන්නේ එතනදී. Gucci කියන්නේ ඒ විදිහට වර්තමානයේ ලෝකයේ ජනප්‍රියතම විලාසිතා සන්නාමයක්. ඇඳුම්, පාවහන්, අත්ඔරලෝසු, ස්වර්ණාභරණ, සුවඳවිලවුන්, රූපලාවන්‍ය නිෂ්පාදන, ආභරණ ඇතුළු වෙනත් පළඳනා, ඇස්කණ්ණාඩි ආදී භාණ්ඩ රැසක් Gucci සන්නාමය යටතේ නිෂ්පාදනය කෙරෙනවා. එහෙත් Gucci සිය සන්නාමය පාරිභෝගික මතකයේ සුවිශේෂී තැනක රඳවන්නේ එක රැයකින් නෙවෙයි.

ඊට වසර ගණනාවක් ඈතට දිව යන කතාවක් තියෙනවා. ලන්ඩන් නගරයේ සහ පැරිසියේ හෝටල් සේවකයකු ලෙස කටයතු කරන Guccio Gucci හෝටලයට එන අමුත්තන් රැගෙන එන ඉතා උසස් තත්ත්වයේ ගමන් මලු දැක පුදුමයට පත් වෙනවා. 1920 දී පමණ නැවත සිය උපන්භූමිය වන ඉතාලිය කරා පැමිණෙනවා. එහිදී ලන්ඩන් සහ පැරිස් නගරයන්හිදී තමන් පුදුමයට පත් කළ කාරණාව සිහිපත් කරන Guccio Gucci සම් භාණ්ඩ විකුණන කුඩා වෙළඳසලක් ආරම්භ කරනවා. ඔහු එය Gucci ලෙස නම් කරනවා. ටික කලක් යනවිට දක්ෂ නිර්මාණ ශිල්පීන් අතින් නිමවෙන සම් භාණ්ඩ පිළිබඳව Guccio Gucciගේ අවධානයට යොමු වෙනවා. ඒ අනුව ඔහු ඉතා ඉක්මනින් අසරුවන් වෙත හම් බෑග් විකිණීම ආරම්භ කරනවා. කාලයත් සමඟ කාලය සමග, සත්ත්ව හම් බෑග් සුඛෝපභෝගී බෑග් බවට පරිවර්තනය වෙනවා.

Blurb : Gucci එහි නිල ලාංඡනය ලෙස ද්විත්ව G අකුර භාවිතා කරයි. මෙම ලාංඡනය ප්‍රථමවරට හම් අත්බෑග් මත භාවිතා වූ අතර විවිධ නිපැයුම් සඳහා ද අපසුව අත්හදාබලනවා. අවසනදී Gucci හි සියලුම නිෂ්පාදන සඳහා එම ද්විත්ව G ලාංඡනය එක් වෙනවා.

එය සාර්ථකවීමත් සමඟ ඒ අනුව ඔහු සිය පුතුන් තිදෙනාගේද සහය ඇතිව ඉතා ඉක්මනින් Gucci යන වෙළඳ නාමය ව්‍යාප්ත කරමින් මිලාන් සහ රෝමයේ තවත් වෙළඳසල් ආරම්භ කරනවා. චිත්‍රපට තරු මෙන්ම ධනවතුන්, සුප්‍රසිද්ධ පුද්ගලයන් Gucci වෙත ඇද බැඳ තබා ගන්නට ඔවුන් සමත් වෙනවා. 1950 පමණ වන විට Gucci ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී සන්නාමයක් අතරට එක් වීමට සමත් වෙනවා. Gucci එහි නිල ලාංඡනය ලෙස ද්විත්ව G අකුර භාවිතා කරයි. මෙම ලාංඡනය ප්‍රථමවරට හම් අත්බෑග් මත භාවිතා වූ අතර විවිධ නිපැයුම් සඳහා ද අපසුව අත්හදාබලනවා. අවසනදී Gucci හි සියලුම නිෂ්පාදන සඳහා එම ද්විත්ව G ලාංඡනය එක් වෙනවා. Guccio Gucci ගේ මරණයෙන් පසු ඔහුගේ පුතුන් Gucci ව්‍යාපාර කටයතු භාර ගන්නවා. ඔවුන් අද වන විට ලොව පුරා Gucci වෙළඳසල් විවෘත කර ඇති අතර ව්‍යාපාරයන් අතර ඉහළටම පැමිණ තිබෙනවා. Gucci නිෂ්පාදන ඔවුන්ට අනන්‍ය වූ විලාසිතා සහ මෝස්‌තර සඳහා ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරගෙන අවසන්.

සුප්‍රකට Gucci සළුව නිර්මාණය කරනු ලබන්නේද Monaco Grace Kelly කුමරියගේ ඉල්ලීමක් අනුවය. වර්තමානය වන විට Gucci යනු පාරිභෝගික භාන්ඩ අතර මිල අධිකම වෙළඳ නාමයවේ. එය ඉතාලියේ විශාලතම වෙළඳ සන්නාමයන්ගෙන් එකකි. අද දක්වා, ගුසී පාරිභෝගික භාණ්ඩ සඳහා ලෝකයේ වඩාත් මිල අධික වෙළඳ නාමය වේ. 2005 වසරේදී UNICEF ආය්තානය සමඟද Gucci අත්වැල් බැඳ ගන්නා අතර එම ආයතනයට සිය විකුණුම්වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් පරිත්‍යාග කරනු ලබනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි