×

මමීකෘත දෙබිඩියේ ඛේදාන්තය

ලෝකයට රහසක් ව වසන් වී පැවතිනි....


නම් නොදන්නා ඊජිප්තු කුමරියක නයිල් නදී තෙර යෝධ කිඹුලෙකු විසින් ගිල ගති. කාගේත් ආදරය දිනූ පුංචි කුමරියගේ සාහසික වියෝව දුටු ඊජිප්තු වැසියා කිඹුලා මරා පාරාවෝ පාමුළ තබා කුමරියට උරුම වූ රාජකීය ආදාහනය ඉල්ලා වැලපුණි. මතු භවයේ කිඹුලියක වනු හැර අන් ඉරණමක් ඈ උරුම කර නොගන්නා බව ඇදහූ පාරාවෝ තෙමේ, කිඹුලා මමීකෘත කොට ඒ අභ්‍යන්තරයේ සිටින ලෙස දියණියගේ අවශේෂ ද මමීකෘත කොට රඳවා, රජුන්, රජ කුමරියන් අතරේ සතපාලීය.

සියක්වස් බොහෝ කල්පැන මමිකෘත කිඹුලා දිරාපත් වී, ගිලගැණුන කුමරියගේ අවශේෂ මතු වූ අතර වර්ෂ 1800 හි දී ඊජිප්තුව ආක්‍රමණය කළ සුල්තාන් අබ්දුල් හමීඩ් නම් ඔටෝමාන් අධිරාජ්‍යයා මෙම අරුමැති මිමිය දැක විශ්මයට පත් වී එය තුර්කියට රැගෙන ගිය අතර එහිදී එය ඉස්තාන්බුල් හී යිල්ඩීස් මන්දිරයේ තබා සියවස් දෙකක් මුළුල්ලේ ගෞරව සම්ප්‍රයුක්ත වූ මහත් බියකින් දිවා රෑ මුළුල්ලේ රැකගති.

පසුගිය දිනෙක හැරියෙට් හී පුවත්පත් වාර්තාකරුවෙකුගේ කැමරා කාචයට හසු වී නිරාවරණය වනතුරු සීමිතම මිනිසුන් පිරිසක් දැක තිබූ අස්වාභාවිකත්වයෙන් අපූර්ව වූ මෙම මමීකෘත දෙබිඩියේ ඛේදාන්තය ලෝකයට රහසක් ව වසන් වී පැවතී, ජායාරූපයක තටුගත් ඇසිල්ලෙන්, නිදහස්ව, ලෝකයේ නිම් නොමැති ඉම් සොයා වේගයෙන් ඉගිළුණි!

උපුටා ගැනීම :-‘ඓතිහාසික ජායාරූප නොසැලෙයි‘ පිටුවෙනි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි