×

මාලි රාජ්‍යයේ අඛන්ඩ සටන්

බස් රථය සති දෙකකට වරක් සොන්ග්හෝ ගම්මානයේ සිට සැතපුම් හයක් (කිලෝමීටර් 10) දුරින් පිහිටි බණ්ඩියගරා හි වෙළඳපොළකට ගමන් කරන බස් රථයකි. ඊට නාඳුනන තුවක්කුකරුවන් විසින් පහර දුන් බව අසල පිහිටි මාලී හි බෑන්කාස් නගරයේ නගරාධිපති මවුලේ ගින්ඩෝ පැවසීය.


මධ්‍යම මාලි රාජ්‍යයේ ග්‍රාමීය වෙළඳපොළකට මිනිසුන් රැගෙන යමින් සිටි බස් රථයකට වෙඩි තැබීමෙන් සහ එරටේ උතුරේ ප්‍රචණ්ඩ කැරැල්ලකින් යුත් ප්‍රදේශයක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රථ පෙළකට ප්‍රහාර එල්ල කළ සන්නද්ධ ප්‍රහාරයකින් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බස් රථය සති දෙකකට වරක් සොන්ග්හෝ ගම්මානයේ සිට සැතපුම් හයක් (කිලෝමීටර් 10) දුරින් පිහිටි බණ්ඩියගරා හි වෙළඳපොළකට ගමන් කරන බස් රථයකි. ඊට නාඳුනන තුවක්කුකරුවන් විසින් පහර දුන් බව අසල පිහිටි මාලී හි බෑන්කාස් නගරයේ නගරාධිපති මවුලේ ගින්ඩෝ පැවසීය.

මෙම ගම්මාන පිහිටා ඇත්තේ මාලි හි සටන්කාමීන්ගේ කේන්ද්‍රස්ථානයක් වන මොප්ටි කලාපයේ වන අතර එය අල්-කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍යයට සම්බන්ධ කැරලිකරුවන් ගැටුම් කලාපයක් බවට පත්කර තිබේ.

එමෙන්ම පසුගිය සිකුරාදා ද, නාඳුනන සන්නද්ධ පිරිසක් මාලි හි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමට අයත් රථ පෙළකට පහර දුන් අතර, ඉන් එක් සිවිල් සේවකයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබූ බව එරට සංවිධානය පවසයි.

මෙම රථ පෙළ උතුරු නගරය වන Kidal සිට Gao දක්වා ගමන් කරමින් සිටි අතර Bourem නගරයේ සිට සැතපුම් 62 ක් පමණ ඊසාන දෙසින් වෙඩි තැබීමට ලක් ව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි