×

මෙක්සිකොවේ කන්‍යා සොයුරියන් රහසින් සුරකින සැලමන්දරා

ඇකෝක්වෙස් යනු උභය ජීවියෙක් වුවත් . ඔහු සිය ජීවිත කාලයම ගත ජලයෙහි පමණක් ගත කරන්නට සූදානමින් සිටින බව විදාඥයන්ගේ මතයයි. ලොක්යෙන් මෙතෙක් තුරන්ව ගොස් ඇති උභය ජීවීන් ගණන අති මහත්ය.


පැට්ස්කියුරෝ වැව මෙක්සිකොවේ පිහිටි තෙවන විශාල වැවයි. සැතපුම් 200කට වඩා දුරට විහිද ගිය මේ වැව මුහුදට නොවැටෙන නිසාම එය දුර්ලබ ජල ජීවින්ට ජීවත් වන්නට තෝතැන්නකි.

මේ කියන්නට යන්නේ එසේ මෙසේ නැත්නම් අප මින් පෙර අසා දැක ඇති දුර්ලබ ජලජ ජීවියෙක් ගැන නොවුණත් ඔහුගේද නිජ බිම වී ඇත්තේ මේ පැටිස්කියුරෝ වැවයි.

මොහුව ඇතැම් පිරිස් හඳනුවන්නේ ඇකොක්වෙස් නමිනි ඇතැම් අය ලේක් පැට්ස්කියුරෝ සැලමැන්ඩර් නමින්ද ඔහුව හඳුන්වයි.

ඔවුන් මේ වන විට අපට දැක ගත හැකි එකම ස්වභාවික ජලාශ්‍රි ත පරිසරය මෙය වුවත් වසර ගණනාවක් තිස්සේ මේ අමුතු සැලමන්දරාව රකින කන්‍යා සොයුරියන් පිරිසක් ගැන මෙක්සිකෝවේ බැසිලිකා දෙවු මැදුරෙන් අසන්නට ලැබිණ.

මේ වන විට පැටිස්කියුරෝ වැවෙන්ද සමුගන්නට සූදානමින් සිටින මේ ඇකොක්වෙස් මෙක්සිකෝවේ බැසිලිකා දෙවු මැදුරෙහි ජල ටැංකි වල මෙතෙක් කලක් හැදී වැඩී ඇත්තේ ඉතා රහසි ගතවයි. ඔහු සැබවින්ම අමුතුය, කිසිවෙක් විසින් තව සතුන් කිහිප දෛනක්ගේ ඉන්ද්රීඉයයන් එක් කොට සෑදූ අලු‍ත් සෙතක් මෙනි. ගොඩ බිමිට ගත් විට ගොඩ බිමිද ජීවත් වන්නට මොවුන්ට හැකි වුවත් ඔවුන්ගේ සිරැරු හුරු වී ඇත්තේ ජලය තුළ ජීවිතයකටය.
මෙම සලමන්දරා වර්ගයට ලෝකෙයන් තුරන් වන්නට සිදුව ඇත්තේද ඔහුගේ මෙම දිය යට ජීවත් වන්නට වන අවශ්‍යතාව නිසාද විය හැකිය. මෙක්සිකෝ වේ ජනතාව මේ වන තෙක්ම අකෝක්වේස්  මත්සයන් යැයි සිතා ඔහු ව ආහාරයට ගැනීමට පුරුදුව සිට ඇත. ඔවුන්ගේ මෙම වඳ වී යෑමට විශාලම හේතුව වී ඇත්තේ එයයි.

දෙවු මැදුරේ ජල ටැංකි වල මේ ඇකෝක්වෙස් ලා 300ක් පමණ සිටින අතර මෙම කන්‍යා සොයුරියන්ට ඇකෝක්වේස් සිය දෙවු මැදුරට ගෙනැවිත් ඔවුන්ට ආරක්ෂාව  ලබා දීමට සිදුව ඇත්තේ ඔවුන්ව රැක ගන්නට සුදුසුම මග එය යැයි සිදු බැවිනි. නමුත් ඔවුන් ඇකෝක්වේස් ගේ සමින් ඖෂධ නිපදවීමද සිදු කරයි.

ඇකෝක්වෙස් යනු උභය ජීවියෙක් වුවත් . ඔහු සිය ජීවිත කාලයම ගත ජලයෙහි පමණක් ගත කරන්නට සූදානමින් සිටින බව විද්‍යාඥයන්ගේ මතයයි.

ලෝකයෙන් මෙතෙක් තුරන්ව ගොස් ඇති උභය ජීවීන් ගණන අති මහත්ය.ඒ අතරේ මිහිමතින් තුරන් වන්නට යන මේ සැලමන්දරා එසේ තුරන් වන්නට හදන්නේ ලොව බෙහෝමයක් දෙනා ඔහුව හරි හැටි දැක හෝ නොතිබෙන තත්ත්වයක හිදිමිනි. මෙක්සිකොවේම රහසේ ඉපිද මෙක්සිකොවේදීම රහසේ සමුගන්නට යන ඔවුන්ව රහසේ සුරුකෙන්නේ මේ කන්‍යා සොයුරියන් අතිනි. අප උපරිමව මේ අහිංසකයින් වෙනුවෙන් කටයුතු කරනවා .. ඔවුන් පවසයි.
පමණට වඩා මසුන් ඇල්ලීම හා අනෙකුත් අස්වාභාවික මිනිස් හැසිරීම් නිසා මෙවැනි සතුන් දහස් ගණන් අපට මේ මොහොත වන විටත් අහිමි වෙමින් පවති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි