×

ලොව දිනකට වර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ඉන්දියාවෙන් – පාලනයකින් තොරව අවදානම ඉහළට

මෙතෙක් දිනකට වාර්තා වූ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් ඉන්දියාවෙන් වාර්තා වී ඇත.


ඒ ගෙවුණු පැය 24ක කාලය තුළ ආසාදිතයින් 161736ක් ලෙසය.

මෙම තත්ත්වය සමඟ දෛනිකව ඉන්දියාවේ තත්ත්වය බරපතල වී තිබෙන අතර ඔවුන් එන්නත්කරණ වැඩපිළිවෙල ද වේගවත් කර තිබේ.

පසුගිය සතියේ දිනක සාමාන්‍ය තත්ත්වය ලෙස කොවිඩ් රෝගීන් ඉදියාවෙන් 130,000ක පමණ ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඊයේ දිනයේදී කොවිඩ් මරණ 879ක් වාර්තා වී ඇති අතර සමස්ත කොවිඩ් මරණ 171,058ක් ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්.

ඉන්දියාවේ පවතින දරුණු ව්‍යාප්තිය හමුවේ වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වන දෙවන රට ලෙස ඉන්දියාව ඉදිරියට පැමිණ ඇත්තේ දෙවෙනි තැන සිටි බ්‍රසීලය අභිබවා යමිනි.

වෛරසය පාලන ක්‍රියාවලියේදී බොහෝ අවස්ථාවල ජනතාව ඊට අනුගත නොවීම මෙම තත්ත්වයට හේතු වී ඇති අතර දැන් පසුවන්නේ ඉතා අසීරු අඩියක බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

වසංගතය ව්‍යාප්තිය සඳහා ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල තවත් වේගවත් කරමින් ස්පුට්නික් V කොවිඩ් එන්නතටද හදිසි භාවිතය සඳහා අවසර දී තිබේ.

ස්පුට්නික් V එන්නත කොවිඩ් වෛරසයට එරෙහිව 92% ක ආරක්ෂාවක් ලබාදෙන බවටද සායනික පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇති බව සඳහන්.

මෙම වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව රටක ලෙස දිගුකලින සැලසුමකින් හා දෘෂ්ටියකින් කටයුතු කර නොමැති බවයි එරට විශේෂඥයින් දැන් පෙන්වා දී ඇත්තේ.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි