×

සැමට WhatsApp Communities

WhatsApp තුළ පසුගිය වසර කිහිපය තුළ ඇතිවූ privacy issues සහ වෙනත් දෝෂ හේතුවෙන් බොහෝමයක් දෙනෙකු WhatsApp වෙනුවට වෙනත් Instant messaging apps වෙත යොමු වීම කටයුතු කරන්නට විය. මෙයට විසඳුමක් වශයෙන් meta සමාගම විසින් මීට මාස කිහිපයක සිට WhatsApp වෙතට නව features රැසක් එක් කරමින් සිටියි. ඒ අනුව Meta හි CEO mark Zuckerburg විසින් Facebook හි […]


WhatsApp තුළ පසුගිය වසර කිහිපය තුළ ඇතිවූ privacy issues සහ වෙනත් දෝෂ හේතුවෙන් බොහෝමයක් දෙනෙකු WhatsApp වෙනුවට වෙනත් Instant messaging apps වෙත යොමු වීම කටයුතු කරන්නට විය. මෙයට විසඳුමක් වශයෙන් meta සමාගම විසින් මීට මාස කිහිපයක සිට WhatsApp වෙතට නව features රැසක් එක් කරමින් සිටියි.

ඒ අනුව Meta හි CEO mark Zuckerburg විසින් Facebook හි post එකක් පළ කරමින් මේ WhatsApp communities විශේෂාංගය නිල වශයෙන් එළි දක්වනු ලැබීය.

මෙහිදී ඕනෑම කෙනෙකුට sub-groups add කරමින් WhatsApp communities සෑදිය හැකි අතර එයට විශාල ප්‍රමාණයකට එකවර පණිවිඩ යොමු කළ හැකි announcement group එකක්ද යෙදිය හැකිය.

සාමාන්‍ය groups වල මෙන් නොව Full-Participation list එක බැලීමට හැකියාව ඇත්තේ community adminවරුන්ට පමණක් වන අතර සාමාජිකයින්ට participation list එකෙහි පෙනෙනුයේ adminවරුන් ව පමණක් වීම විශේෂත්වයක්.

මේ සඳහා වෙනත් අයට Join වීමට වීමට හැකි වන පරිදි Invitation Link එකක් හා QR Code එකක් මගින් Invite කිරීමේ පහසුකමක් Communities වලට ද තිබෙන අතර WhatsApp සහිත ඕනෑම කෙනෙකුට මෙම Communities වලට සම්බන්ධ වීමට මෙම Links මඟින් හැකියාව ලැබේ.

SOURCE: https://blog.whatsapp.com



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි