×

ඊශ්‍රායලයේ මිලියන 1.37 කට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන්

කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව එළඹෙන සතිය තුළ ලබාදීමට ඊශ්‍රායල රජය කටයුතු යොදා ඇත.


කොවිඩ්-19 වසංගතයට එරෙහිව නිපද වූ එන්නත් ලබා දීම කඩිනමින් ක්‍රියා කළ රටවල් අතර ඊශ්‍රායලය ප්‍රමුඛ ස්ථානයක් ගනු ලැබීය.

ජෙරුසලම් පෝස්ට් පුවත් වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මේ වන විට ඊශ්‍රායලයේ කොවිඩ් එන්නත ලබා දුන් පිරිස 1,370,000 ලෙස සටහන් වේ.

ඒ අනුව එරට මිලියන 1.37 ක ජනතාවට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට ලබා දී අවසන් කිරීමට රජය සමත් වී තිබේ.

ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍ය යුලි එඩෙලෙස්ටයින් සඳහන් කරන අන්දමට ඉකුත් සඳු (04) දින පමණක් පුද්ගලයින් 146,000 කට එන්නත ලබා දීමට රජය කටයුතු කර තිබේ.

කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව එළඹෙන සතිය තුළ ලබාදීමට ඊශ්‍රායල රජය කටයුතු යොදා ඇත.

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ සම්පූර්ණ එන්නත ලබාදීම සිදුවන්නේ දෙවන මාත්‍රාව ලබාදීමෙන් සතියකට පමණ පසු බවය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි