×

දස දහසකගේ සහභාගිත්වයෙන් ලන්ඩනයේ බ්‍රෙක්සිට් විරෝධී මහා රැළියක්

බ්‍රෙක්සිට් හෙවත් යුරෝපා සංගමයෙන් බෙදී වෙන් වී යාමට එරෙහිව අවසන් ජන මතයක් අවශ්‍ය බව කියමින් බ්‍රිතාන්‍ය ජාතිකයෝ දස දහසකට අධික සංඛ්‍යාවක් ලන්ඩන් නුවර එක් රැස් වී විශාල විරෝධතාවයක නිරත වූහ.


10,000s gather in London for ‘biggest’ anti-Brexit rally

මෙය, විශාලතම, වැඩිම හඬක් නැගෙන සහ වඩාත් ම වැදගත් “biggest, loudest and most important” බ්‍රෙක්සිට් විරෝධී රැළිය වශයෙන් සංවිධායකයන් විසින් හඳුන්වා දී ඇත. ඔවුන් අවධාරණය කරන්නේ බ්‍රෙක්සිට් හේතුවෙන් එක්සත් රාජධානිය, එයට ඡන්දය දුන් කිසිම කෙනෙකුට අනාගතයක් ලබා නොදෙන බවයි.

මෙම රැළියට සහභාගි වී සිටින බහුතරයක් තරුණ ක්‍රියාකාරීන් වන අතර, ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් ඔවුන් අතර පෙරමුණේ සිටින ආකාරය දැකගත හැක. ලන්ඩන් නුවර පාක් වීදියෙන් ඇරඹි උද්ඝෝෂණය පාර්ලිමේන්තු චතුරස්‍රය වෙත ගමන් කරන අතර, ඔවුහු මෙය, ‘අනාගතය සඳහා වූ පා ගමන‘ යනුවෙන් හඳුන්වති.

People’s Vote යනුවෙන් වෙනම වෙබ් අඩවියක් ද බ්‍රෙක්සිට් විරෝධී බලවේග විසින් මේ වන විට පවත්වාගෙන යනු ලබන්නේ යුරෝපා සංගමයෙන් බිඳී වෙන් වී ගොස් හුදෙකලා වීමේ ආදිනව ඔවුන් විසින් මනාව වටහාගෙන තිබෙන නිසා ය. බ්‍රෙක්සිට්, බහුතර ජනමතයෙන් ජය ගත්තද, ඒ සඳහා මූලිකත්වය දුන් ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්ගෙන් ඇතැමෙක් ද මේ වන විට පසුබා ගොස් සිටිති. ජනතාව මෙම දේශපාලකයන් මේ වන විට හඳුන්වන්නේ Brexit elite හෙවත් ‘බ්‍රෙක්සිට් ප්‍රභූන්‘ වශයෙනි. ‘‘බ්‍රෙක්සිට් ප්‍රභූන්ට මේ අවුල ලිහන්නට බැහැ. එය කළ හැක්කේ ජනතා ඡන්දයට පමණයි‘ යන්න මෙම ක්‍රියාකාරීන්ගේ ආදර්ශ පාඨය බවට පත්ව තිබෙන්නේ ඒ නිසා ය.

මේ අනුව බ්‍රෙක්සිට් ගැන අවසන් ජනතා තීරණය ඉල්ලා සිටිමින් ඔවුන් විසින් පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ සඳහා දැනටමත් අත්සන් දස ලක්ෂයක් (මිලියනයක්) එක්රැස් කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි