×

ස්පාඤ්ඤයත් මරණ සංඛ්‍යාවෙන් චීනය පරදවයි – කොවිඩ් මරණ ගණන 7340

අද දිනයේ වාර්තා වන කොවිඩ්-19 මරණ 812 ත් සමග ස්පාඤ්ඤය චීනය අබිබවා යමින් කොරෝනා වසංගතයට බිලිවූ රටක් ලෙස ලෝක සිතියමේ ලකුණු වී තිබේ.


මේ අනුව කොවිඩ්-19 මරණ සංඛ්‍යාවෙන් චීනය ඉක්මවා ගිය තෙවැනි රට බවට අද දින ස්පාඤ්ඤය පත් විය. අනෙක් රටවල් දෙක වන්නේ ඉතාලිය සහ ඇමරිකා එක්සත් ජනපදයයි.

ස්පාඤ්ඤයේ කොවිඩ්-19 ආසාදිතයන් බවට තහවුරු කර ගත් සංඛ්‍යාව ද අද දිනයේ 6,398 කින් ඉහළ ගොස් එය 85,195 ක් ලෙස තහවුරු කරන්නේ ස්පාඤ්ඤ සෞඛ්‍ය අමාත්‍යාංශයයි. අප මීට පෙර පළ කර ඇති ලිපියකට අනුව ස්පාඤ්ඤයේ සෞඛ්‍ය සේවකයන්ගෙන් 1/3 ක්ද කොරෝනා ආසාදනයට ගොදුරු වී සිටිති.

රටේ වැඩිපුරම කොරෝනා වසංගතයට ලක්වූ නගරය වන මැඩ්රිඩ් අගනුවර අද දිනයේ මිනිත්තුවක නිහඬතාවක් ද මෙම ජාතික උවදුර අබිමුව පැවැත්විණි.

මේ වන විට දින 15 ක ලොක්ඩවුන් තත්වයෙන් පසු ස්පාඤ්ඤය විසින් ‘ශිශිරතරණ‘ (“hibernation” ) කාලපරිච්ඡේදයක් (සති 2ක) ප්‍රකාශයට පත් කර තිබෙන්නේ සෞඛ්‍ය සේවාවන් මත පැටවී ඇති අධික පීඩනය ද අඩු කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ය.

මේ අනුව රෝහල්, ෆාමසි සහ ආහාර සැපයුම් දාමවල සේවකයන් හැර අන් සියලුම දෙනාට කිසිදු හේතුවක් මත නිවසින් බැහැර කටයුතුවලට නොයන ලෙසට නියෝග කර තිබේ.

පෙර ලිපිය

ස්පාඤ්ඤය කොවිඩ් සුසානයක් වුණේ මෙහෙමයි!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි