×

2020 තෝකියෝ ඔලිම්පික් උළෙලේ නිල සුරතලුන් එළි දැක්වේ.

2020 තෝකියෝ ඔලිම්පික් උළෙලේ නිල සුරතලුන් එළි දැක්වේ. ‘ මිරයිටෝවා- දැඩි සාධාරණත්වය සහ ක්‍රීඩාශීලී බව, ‘සොමෙටී“- ප්‍රබල ලෙස චලනය වීම.


2020 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා නිල සුරතලුන් හෙවත් “මැස්කොට්” ඉදිරිපත් කිරීම ජපානයේදී පසුගිය දා සිදු කෙරිණ. 2020 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වන්නට නියමිතව තිබෙන්නේ ජපානයේ තෝකියෝ නුවරදී ය. නිල සුරතලුන් කළ එළි බැස්සවීමේ මංගල්‍යයට දහස් ගණනක් පාසල් සිසුන් සහ තරුණ තරුණියන් මහත් ආශාවෙන් සහභාගී වූ බව සඳහන් වේ.

2020 ජූලි 24වැනිදා සිට අගෝස්තු 9වැනිදා දක්වා පැවත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල සුරතලා හැඳින්වෙන්නේ “මිරයිටෝවා” (Miraitowa) යන නමිනි. 2020 අගෝස්තු 25වැනිදා සිට සැප්තැම්බර් 6වැනිදා දක්වා පැවත්වීමට නියමිත පැරා ඔලිම්පික් උළෙලේ නිල සුරතලා නම් කර ඇත්තේ “සොමෙටී” (Someity) යනුවෙන් ය.

2020 Olympic mascots

මිරයිතෝවා සහ සොමෙටි | CNN

මිරයිටෝවා සුදු සහ නිල් පැහැ කොටුවලින් වර්ණ ගන්වන ලද සත්ත්ව රූපයකි. සොමෙටී රෝස සහ සුදු පැහැයන්ගේ සංකලනයෙන් හැඩ ගන්නවන ලද සුරතලෙකි. මිරයිටෝවා නිර්මාණය කර තිබෙන්නේ පැරණි ජපන් සම්ප්‍රදායේ ලක්ෂණ නව තාක්ෂණයට හසු කරගනිමිනි. ඒ අනුව දැඩි සාධාරණත්වය සහ ප්‍රබල මලල ක්‍රීඩාශීලීත්වය මිරයිටෝවාගෙන් පිළිබිඹු කෙරේ. ඕනෑම තැනෙක ක්ෂණයකින් චලනය වීමේ හැකියාව මිරයිටෝවා සුරතලාට ඇත. මිරයිටෝවා සහ සෙමෙටී අතර ඉතා තද මිත්‍රත්වයක් ඇති බැව් ඔවුන් දෙදෙනාගේ නිර්මාණකරුවෝ පවසති. සෙමෙටීට ඒ නම ලැබී තිබෙන්නේ සොමෙයියෝෂිනෝ (Someiyoshino) යනුවෙන් හැඳින්වෙන චෙරි මල් විශේෂයක් පදනම් කරගෙනය. සෙමෙටී කලබලයක් නැති සාමකාමී චරිතයකි. එසේ වුවත් අවශ්‍ය අවස්ථාවන්හිදී ප්‍රබලයකු ලෙස නැඟී සිටින්නට සෙමෙටීට බැරිකමක් නැත. ස්වභාව දහමට ආදරය කරන සෙමටීට පාෂාණ සහ සුළඟ සමඟ වුව කතා කිරීමට හැකියාවක් තිබේ. කිසිවක් දෙස බැලූ පමණින් එය චලනය කිරීමේ අමුතු බලයක් ද සෙමෙටී සතුව පවතී.

2020 Olympic Mascots

Life-sized Tokyo 2020 mascots are unveiled during their first appearance on July 22, 2018 in Tokyo, Japan.

2020 Olympic Mascots

මේ සුරතලුන් දෙදෙනා නිර්මාණය කිරීමේ කාර්යය හමාර වුණේ පසුගිය දෙසැම්බරයේදී ය. තෝරාගත් පිරිසකගෙන් ඉන්පසුව ඔවුන් දෙදෙනා පිළිබඳව අදහස් විමසීමක් පවත්වන ලදී. ඊට අදහස් ඉදිරිපත් කළ හැකි වුණේ ජපානයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන්ට සහ ජපානයෙන් බැහැර රටවල ස්ථාපිත ජපන් පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන්ට පමණි. මේ සුරතලුන් දෙදෙනා කෙරෙහි ඇති කැමැත්ත හෝ අකමැත්ත හෝ ප්‍රකාශ කර එම සිසුන් ඡන්දය ලබා දියයුතුව තිබිණ. එකී ඡන්ද විමසීමට පාසල් 16,700ක ශිෂ්‍යය ශිෂ්‍යාවන් සහභාගී වූ බව සඳහන් වේ. සිසුන්ගෙන් ඡන්දය විමසීමේ මේ වැඩපිළිවෙල නම් කර තිබුණේ “යෝයි දොන්” හෙවත් “ගෙට් සෙට්” යනුවෙනි. ක්‍රීඩාවෙහි ඇති අගය දරුවන්ට ඉගැන්වීම සහ 2020 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලවලට සම්බන්ධ කටයුතුවලට දරුවන්ව සහභාගී කරවා ගැනීම යන අරමුණ ඇතිව මේ වැඩපිළිවෙල සකසා තිබුණේය.

ඔලිම්පික් උළෙලවලට නිල සුරතලුන් හෙවත් මැස්කොට් හඳුන්වා දීම පළමුවෙන්ම සිදුවුණේ 1968දී ප්‍රංශයේ ග්‍රෙනොබ්ල්හි පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ය. එයින් පසු සෑම ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සඳහාම නිල සුරතලුන් නිර්මාණය කිරීම ඇරඹිණ. නිල සුරතලුන් නිර්මාණය කිරීමේ වගකීම හැමවිටම පැවරුණේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය සපයන රටට ය. සත්කාරකත්වය සපයන රටේ සමාජ, සංස්කෘතික පසුබිම පිළිබිඹු වන පරිදී මැස්කොට් නිර්මාණය කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

Tokyo 2020 introduces names of mascots for Olympic, Paralympic Games



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි