කෙසේ නමුත් මෙක්සිකානු ජනපති ඇන්ඩ්‍රියෙස් මැනුවෙල් ලෝපේස් (Andrés Manuel López) පැවසුවේ කොරෝනා වෛරස් වසංගතය ‘පහ වෙමින් යන‘ බවයි.
‘‘දැන් ප්‍රස්ථාරය යන්නෙ යටි අතට.. ආසාදන ගණන අඩුයි. වැදගත්ම දේ තමයි, මරණ ගණනත් එන්න එන්න අඩු වෙනවා..‘‘ යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ඔහු මේ ප්‍රකාශය සිදුකර තිබෙන්නේ, මරණ සංඛ්‍යාව 60,000 සීමාව පසුකිරීමත් සමග මෙක්සිකෝවේ කොවිඩ්-19 වසංගත තත්වය පිළිබඳ ජාත්‍යන්තර ශීර්ෂපාඨ තැනුණු දිනයට පසුදිනයේ ය.
මෙක්සිකෝවේ ප්‍රකට වසංගතවේදියෙකු වන වෛද්‍ය හියුගෝ ලෝපේස් ගැටෙල් (Dr. Hugo López Gatell) හඳුන්වන්නේ එරට ‘කොරෝනා වෛරස් සාර්‘යනුවෙනි. ඔහු එරට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා ද වේ.
මෙක්සිකෝවේ ජනාධිපතිවරයාගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලබන්නෙකු සේ සැලකෙන ඔහු, මෙම රෝගය තමන් විසින් දැනටමත් පාලනය කර ඇති බව ප්‍රකාශ කර සිටියි.
2020 මැයි 4 වැනිදා ඔහු ප්‍රකාශ කර තිබුණේ මෙක්සිකෝව වසංගතය ජයග්‍රහණය කරමින් සිටින බවයි.
කෙසේ නමුත් මේ වන විට මේ සාර්ට ඉල්ලා අස්වන ලෙසට දස දෙසින් විරෝධතා නැගේ.
මේ වන විට ලෝකයේ 3 වැනියට වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන මෙක්සිකෝවේ, සත්‍ය කොවිඩ් මරණ ගණන බලධාරීන් විසින් හෙළිදරව් නොකරන බවත්, ඒ අනුව වසංගතයේ තත්වය බෙහෙවින් භයානක විය හැකි බවටත් අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මේ වන විට ලෝකය පුරා කොවිඩ් ආසාදිතයන් මිලියන 23 ක් සිටින අතර, ලක්ෂ 8 ක් දෙනා මෙම ගෝලීය වසංගතය හේතුවෙන් මරණයට පත්ව සිටිති.
Photo: Al Jazeera