×

බෙයිරාවේ මළමිනී තටාකයක්

ඉඩායි සුළිකුණාටුව විසින් මොසැම්බික් රාජ්‍යය සුන්බුන් ගොඩක් බවට පත් කිරීමෙන් අනතුරුව මේ වන විට වාර්තා වන්නේ බෙයිරා නගරයේ තවමත් බැස නොගිය ගංවතුර මත මළ සිරුරු පාවෙමින් තිබෙන බවයි.


මළ සිරුරු 300-400 අතර ප්‍රමාණයක් මෙසේ පාවෙමින් තිබෙනු දැකගත හැකි බව සීඑන්එන් පුවත් සේවය පවසයි.

අභ්‍යවකාශයට පවා පැහැදිලිව දිස්වන අන්දමේ අති දරුණු ගංවතුර තත්වයක් මෙයට සතියකට පමණ පෙර ඉඩායි සුළි කුණාටුව නිසා ඇති වූ අතර විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ තත්වය පහව යාමට මාස කිහිපයක් වුව ගත විය හැකි බවයි.

අන්තර්ජාතික රතු කුරුස සංවිධානය සහ රතු අඩ සඳ සංවිධානය පවසන්නේ උක් වතු ආශ්‍රිතව පිහිටා තිබූ ගම්මාන පිටින් මෙම ගංවතුරට සහමුලින්ම යට වී ගිය බවයි.

එයින් සිදුව තිබෙන විනාශය සිතාගත නොහැකි තරම් අති දරුණු බවට ද ඔවුහු අනතුරු අඟවති.

මේ සමගම කොලරා වසංගතය ද මොසැම්බික් රාජ්‍යය තුළ හිස ඔසවමින් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි