×

බූට් සපත්තු පැළඳි, අවුරුදු 500ක් පැරණි අැටසැකිල්ලක් …

ඔවුන් පවසන පරිදි මෙම බූට් සපත්තු අසාමාන්‍ය ඒවා වන අතර ඒවා ඉදිරයෙන් පහළට නැවුණ ඉතා මිල අධික ඒවා යැයි සිතිය හැකි ඒවාය.


”ලන්ඩනයේ සුපිරි කුණු කාණුව” නමින් හඳුන්වන තේම්ස් හි උමගක් තුළ තිබී අවුරුදු පන්සියයක් පැරණි බූට් සපත්තු සහිත ඇට සැකිල්ලක් හමුවිය. 15 වන සියවසට අයත් පුද්ගලයෙක් විසින් මෙසේ බූට් සපත්තු පැළඳීම සැබවින්ම කලාතුරකින් දැකිය හැකි සිදුවීමක් ලෙස මෙම පර්යේෂණයන්හී නියැලෙමින් සිටින ලන්ඩන් පුරාවිද්‍යා කෞතුකාගාරයේ බෙත් රිචර්ඩ්සන් පවසයි.

භූගත උමගක තිබී හමුවූ මෙම ඇට සැකිල්ල අයත් පුද්ගලයා ඉතා අධික මිලක් වන සපත්තු යැයි සැළකිය හැකි මෙවැනි සපත්තු කුට්ටමක හිමිකාරයෙකු වූයේ කෙසේදැයි යන්න තමන්ට ගැටළුවක්ව ඇති බව ඔවුහු පවසති. ඔහු මේවා සොරකම් කළාද… නැත්නම් ඔහු කවුරුන් හෝ භාවිත කරන ලද්දක භාවිතා කළාද ඔවුන් තුළ විවිධ සැකයන් පහළ වී ඇත.

මෙම ඇටසැකිල්ල අයත් පුද්ගලයා කිසිවෙක් විසින් උවමනාවෙන් මිහිදන් කර නොමැති අතර ඔහුව වෙන යම් හේතුවක් නිසා පොළව යට වැළලී ඇති බවට සාක්ෂි හමුවී ඇත.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි