×

ඇමරිකාවේ මධ්‍ය වාර මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරියෙන් – ට්‍රම්ප් දැඩි අසීරුතාවයක

ඇමරිකාවේ මධ්‍ය වාර මැතිවරණයෙන් කැපී පෙනෙන ජයක් අත්කර ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් වී ඇත. මෙය, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එල්ල වූ දැඩි පරාජයක් සේ සැලකෙයි.


මේ වන විට සෙනෙට් ආසන 100 කින් 90 ක පමණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී රිපබ්ලිකන් පක්ෂය ආසන51 ක් සහ ඩිමොක්‍රටික් පක්ෂය ආසන 42 ක ජය හිමිකර ගෙන තිබේ. කොංග්‍රස් ආසන 435 අතරින් ආසන 408 ක ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී ඉදිරියෙන් සිටින්නේ ඩිමොක්‍රටික් පක්ෂයයි. ආසන 215ක ජය ඔවුන් විසින් තහවුරු කරගෙන ඇති අතර, රිපබ්ලිකන් පක්ෂයේ ජයග්‍රහණය ආසන 193කට සීමා වී ඇත.

මෙහි ප්‍රතිඵල අනුව ඇමරිකාව තුළ රිපබ්ලිකන් බල ග්‍රහණය ගිලිහෙන ලකුණු දැක්වෙන අතර, විශාල විවිධත්වයකින් යුත් රැඩිකල් දේශපාලනයක සලකුණු ද මෙවර දක්නට ලැබේ. කාන්තා ජයග්‍රාහිකාවන් මෙන්ම LGBT අපේක්ෂකයන් මෙවර ජයග්‍රහණ රැසක් වාර්තා කර ඇත.

මේ අතරින් ඩිමොක්‍රටික් පක්ෂයේ Sharice Davids සහ Deb Haalan ඇමරිකානු කොංග්‍රසයට තේරී පත්වූ ප්‍රථම ස්වදේශික ඇමරිකානු කාන්තාවන් දෙදෙනා බවට පත්ව සිටිති.

ඇමරිකානු කොංග්‍රසයට ප්‍රථම වතාවට මුස්ලිම් කාන්තාවක් ද මෙවර තේරී පත්වී සිටියි. ඒ, මිනසොටා ජනපදයේ Ilhan Omar ය. ඇය සෝමාලියානු සම්භවයක් සහිත නිසා, සෝමාලි සම්භවයක් සහිත ප්‍රථම කොංග්‍රස් සාමාජිකාව වශයෙන් ද ඉතිහාසයට එක් වේ.

තමන් විවෘතව සමරිසි බව ප්‍රකාශ කරන අපේක්ෂකයන් ගණනාවක්ම මේ වන විට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජය තහවුරු කරගෙන සිටිති.

වසර 2 ක ධුර කාලයකින් අනතුරුව මේ තත්වය තුළ ජනාධිපති ට්‍රම්ප්, ඉදිරියේදී ඉතා අවිනිශ්චිත තත්වයකට මුහුණ පානු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි