×

දකුණු පැසිෆික් සාගරයට සුනාමි

දකුණු පැසිෆික් සාගරයේ වනුආටු, නිව් කැලිඩෝනියා වෙරළ තීරයට සුනාමි තත්වයක් මතුව ඇත.


 7.6 quake hits near New Caledonia, hazardous tsunami waves

හවායි හි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව මීටර 1 සිට 3 දක්වා (අඩි 3-10) සුනාමි රළ මේ වන විට ඇති වී තිබේ.

මෙම සුනාමි තත්වය හටගත්තේ බදාදා අළුයම රික්ටර් ඒකක 7.6 ක ප්‍රබල භූ කම්පනයක්, පොළොවේ කිලෝමීටර 10 ක් පමණ නුදුරින් හටගැනීම නිසා ය.

භූ චලනයේ අපි කේන්ද්‍රය පිහිටා තිබුණේ නිව් කැලිඩෝනියාවට අයත් ලෝයලිටි දූපත් තුළ ය.

දකුණු, මධ්‍යම ඇමරිකාව, හවායි, චීනය සහ ජපානය යන රටවලට ද මේ අනුව සුනාමි තත්වයක් ඇති වේ යැයි අනතුරු ඇඟවේ.

සුපිරි සංචාරක පාරාදීසයක් වන වනුආටු දූපත්වලින් සංචාරකයන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීම මේ වන විට සිදු වේ.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි