×

වැනීසියෙන් හතරෙන් තුනක් ජලයෙන් යටවෙයි

ඉතාලියේ සුන්දර වැනීසිය, මේ වන විට 3/4 ක් ජලයෙන් යට වී තිබේ.


එයට හේතුව වී තිබෙන්නේ කුණාටු තත්වයක් සමග නගරය තුළට ජලය ගලා ඒමයි. 75% of Venice under water after unusually high tide strikes famed city 

අලුත්ම වාර්තාවල දැක්වෙන පරිදි නගරයේ මේ වන විට අඩි 5 ක් පමණ ජලයෙන් යට වී ඇත. එය ඇතැම් ස්ථානවල සෙන්ටිමීටර 149 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වැනිසි කලපුවේ උදම් රළ මට්ටම ඉහළ යාම නිසා මේ තත්වය උද්ගත වී තිබේ.

වැනීසියට ගං වතුර අලුත් දෙයක් නොවේ. නමුත් අද ඇති වූ උදම් රළ තත්වය හේතුවෙන් අසාමාන්‍ය ලෙස ජල මට්ටම ඉහළ ගියේය.

මෙය, 2012 නොවැම්බරයෙන් පසු වැනීසිය මේ තරම් ජලයෙන් යට වූ ප්‍රථම අවස්ථාවයි. මීට පෙර 1979 වසරේදී වැනීසිය සෙන්ටිමීටර 160 ක ජල කඳකින් යට විය.

සංචාරක පුරවරයක් වන වැනීසියට පැමිණ සිටින සංචාරකයන්, මේ හදිසි ගංවතුර හේතුවෙන් සාන්ත මාර්ක් චතුරස්‍රෙය් ආරුක්කුමය ගොඩනැගිලි තුළ සිරවී සිටින බව ද වාර්තා වේ.

ඉතාලියෙන් වැඩි කොටසකට මේ වන විට අධික වර්ෂාව හේතුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදු වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි